මෙරට ආයුර්’වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය නියාමනයකට සූදානම්

ආයුර්’වේද ඖෂධ මෙන් ම ආයුර්’වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට රජය සූදානම් වෙයි.

මෙරට සෞඛ්‍යාරක්‍ෂිත ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයුර්’වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ නව සාමාජිකයන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ පසුගියදා ආයුර්’වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කල බවය. එම පත්වීම් ලිපි ප්‍රදානය පසුගිය දා රාජගිරිය ආයුර්’වේද ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණි.

ආයුර්’වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සභාපතිවරයා ඇතුළු ව සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානයෙන් අනතුරුව පළමු ආයුර්’වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභා සැසිවාරය ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එහි දී පැවැත්විණි.

දේශීය ඖෂධ නිෂ්පාදනාගාර, දේශීය ඖෂධ වර්’ග නිෂ්පාදනය, දේශීය ඖෂධ වෙළෙදසැල්, දේශීය වෛද්‍ය උපකරණ, දේශීය වෛද්‍ය රූපලාවන්‍ය නිෂ්පාදනය, දේශීය ඖෂධ ආනයනය සහ අපනයනය, දේශීය ඖෂධ ගබඩා කිරීම සහ ප්‍රවාහනය සහ දේශීය ඖෂධ කර්මාන්තයට අදාළ ඔසු වගාව යන අංශවල නියාමනය සඳහා වූ නීති ආයුර්’වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාව යටතේ ආවරණය වේ.

එමෙන්ම ආයුර්’වේද ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුව, ආයුර්’වේද නිෂ්පාදනාගාර,ගබඩා ඇගයීමේ කමිටුව, ආයුර්’වේද නිෂ්පාදනාගාර,ගබඩා සහ වෙළඳපොළ විමර්ශන කමිටුව, ඖෂධ පැළෑටි ඇගයීම සදහා වූ නිලධාරීන්ගේ කමිටුව යන කමිටු හතර ද ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ පූර්’ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

ලක්මිණි නදීෂා 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *