චම්පිකා මුතුකුඩ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ විශේෂ වාර්තාවක් නිකුත් කර ඇත.ඒ හලාවත සිට පුත්තලම හා මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශය භාවිතා කරන පුද්ගලයින් සඳහාය.
එම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 – 70 පමණ දක්වා වැඩිවිය හැකි බැවින් මුහුද ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.නැවත දැනුම් දෙනතුරු එම මුහුදු සීමාවල යාත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.
හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයපැයට කිලෝමීටර් 50 – 60 පමණ දක්වා වැඩි වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් එබැවින් එම මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.
කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව එම වාර්තාවේ දැක්වේ.
ධීවර හා නාවුක ප්‍රජාව මෙම තොරතුරු භාවිතා කොට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

