මුහුදු වතුරෙන් පහන් දල්වන මුලතිව් වට්ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්ලයට විශාල පිරිසක්.

වවුනියාව – මාධව කුලසූරිය.

මුලතිව්,වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්ලය ඊයේ(09) දහවල් හා රාත්‍රියේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

මුහුදු ජලයෙන් පහන් දල්වා කෝවිලේ උත්සවය ආරම්භ කරනු ලබන අතර,උතුරු නැගෙනහිර ජනතාව මහත් හරසරින් යුතුව කෝවිලේ පූජාවන් වෙනුවෙන් සහභාගි වෙති.

මුහුදු ජලය යොදාගෙන කෝවිලේ ප්‍රධාන පහන දැල්වීම කෝවිල් පූජාවේ විශේෂත්වය වේ.

පසුගිය සමයේදි යුධ හමුදා නිළධාරීන් කෝවිල් උත්සවය සංවිධානය කළ අවස්ථාවේ ගුවන් හමුදාවේ සහයෝගයෙන් ‍‍ගුවනේ සිට කෝවිලට මල් ඉසීමද සිදුකරන ලදී.

කෝවිල් පූජාවේ දිය කැපීමේ මංගල්ලයෙන් අනතුරුව මංගල්ලය නිමාකිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *