සමන් පෙරේරා
සියලූ ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීමේ පණිවිඩිය ලබාදිම අරමුණු කරගනිමින් අනුරාධපුර වන්දනාවේ එන බැතිමතුන් සඳහා බනිස් හා තේ පැන් දන්සලක් මුස්ලිම් ජනතාව එක්ව දුම්රිය ස්ථානය අසල දි පැවැත් වීය.
ඒ අනුව දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් සඳහා බනිස් සමඟ තේ පැන් සංග්රහයක් ලබාදීම මෙහිදී සිදු විය. දෙදහසක පමණ පිරිසක් දන්සල ආරම්භක අවස්ථාවේ දී ම පැමිණ සිටිනු දක්නට ලැබිණි.
අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ අදහසකට අනුව නැගෙනහිර නුවරගම් පලාත ප්රාදේශිය ලේකම් කාර්යාලය සමග එක්ව අනුරාධපුර මුස්ලිම් ප්රජාව මෙම දන්සල සංවිධානය කර තිබුණි.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රි සේන නානායක්කාර, අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසූරිය, නැගෙනහිර නුවරගම් පලාත ප්රාදේශීය ලේකම් සම්පත් ධර්මදාස යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.


