මුල් ළමා විය ගුරුවරුන්ගේ නිපුණතා සංවර්ධනය කිරීමට උපකරණ බෙදා දෙයි

මොහොමඩ් ආසික්

මධ්‍යම පළාතේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරුන්ගේ නිපුණතා සංවර්ධනය කිරීමට උපයෝගීකරගත හැකි ඉගෙනුම් උපකරණ කට්ටල බෙදාදීම හා එම උපකරණ භාවිතය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර නවයාලතැන්න පළාත පාලන සම්පත් මධ්‍යස්ථානයේදි (11)  අද දින පැවැත්විණි.

මධ්‍යම පළාතේ  පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මෙම වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අනුග්‍රහයෙන් මේ සඳහා අවශ්‍ය ඉගෙනුම් උපකරණ කට්ටල පිරිනැමීම සිදු කර ඇති අතර ඒවා මධ්‍යම පළාතේ  පළාත් පාලන ආයතන විසින් පාලනය කරනු ලබන තෝරාගත් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන අසුවක් සඳහා ප්‍රදානය කරනු ලැබීය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *