වවුනියාව මාධව කුලසූරිය.
එළැඹෙන උත්සව සමයේ ජනතාව වෙත පිරිසිදු ආහාර පාන ලබාදීම වෙනුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ආපන ශාලා පරීක්ෂා කිරීම මුලතිව් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් විසින් සිදුකරනු ලැබීය.
මුලතිව්,ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ආපනශාලා හා හෝටල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීහු කටයුතු කළහ.
ඒ සමග පාරිභෝගිකයින් වෙත ලබාදීමට අපිරිසිදු ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය සකස් කළ ස්ථාන කිහිපයක් වැටලීම ඔවුන් විසින් සිදු කරන ලදී.
අදාළ ආපනශාලාවල ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට කටයුතු කළ අතර,ආපනශාලා කිහිපයකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද එම නිළධාරීහු පියවර ගත්හ.
උත්සව සමයේ මුලතිව් දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ආපනශාලා හා හෝටල් පරීක්ෂා කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීහු පැවසූහ.






