යසංග මහවිතාන
විගණකාධිපති ධූරයට සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන (22) වැනිදා රැස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
විගණකාධිපති තනතුර රාජ්‍ය සේවයේ ඉහළම තනතුරකි.රාජ්‍ය අංශයේ ආයතනවල ගිණුම් විගණනය කිරීම සඳහා වූ මූලික අධිකාරී බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවෙන් විගණකාධිපති වරයා වෙත පැවරී ඇත.
විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියළුම දෙපාර්තමේන්තුවල ගිණුම්ද, අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ, අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලයේ, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාගේ කාර්යාලයේ, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ සහ මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ, පළාත් පාලන ආයතන කාර්යාලවල සහ රාජ්‍ය සංස්ථා කාර්යාලවල ගිණුම්ද යම්කිසි ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇති වෙළඳ ව්‍යාපාරවල හෝ වෙනත් ව්‍යාපාරවල ගිණුම්ද විගණනය කළ යුතු වෙයි.
1779 පත් වූ සෙසිල් ස්මිත් මහතාගේ සිට මෙතෙක් එම තනතුරුව රාජ්‍ය සේවයේ ගෞරවනීය ස්ථානයක ලා සැලකේ. ඉකුත් විගණකාධිපතිවරයාගේ විශ්‍රාම යාමෙන් පසුව ධම්මප්‍රිය ගම්මන්පිල මහතා විසින් වැඩ බලන විගණකාධිපති ලෙස දැනට ක්‍රියා කරනු ලබයි.
විගණකාධිපති ධූරය සඳහා සුදුසු නාම යෝජනාවක් ජනාධිපතිවරයා විසින් කතානායකවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.
විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරීන් දෙදෙනාගෙන් අයෙකු විගණකාධිපති ධුරයට පත් කෙරෙනු ඇති බව කියැවේ.

