(අජිත්ලාල් ශාන්තඋදය)
ශ්‍රී ලංකාව මී පැණිවලින් ස්වංපෝෂිත කිරීමේ අරමුණින් ලංකාවේ ඉදිකළ මීමැසි උද්‍යානය බිංගිරිය දේවගිරි රජමහා විහාරය අසල BLESS Nature Park හිදී පසුගියදා විවෘත කරනු ලැබීය.
BLESS Nature Park කළමනාකරණ මණ්ඩලයේ සභාපති , බිංගිරිය දේවගිරි රජමහා විහාරාධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය පඩිවෙල සෝරත හිමියන් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම මීමැසි උද්‍යානය බවයි.
විද්‍යාත්මකව මී මැසි පාලනය දියුණු කිරීම මී මැසි උද්‍යානය පිහිටුවීමේ අරමුණ බව බිඟුසම්පත සුරැකීමේ සංවිධානයේ ගරු ලේකම් තිස්ස බණ්ඩාර මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ මී පැණි අවශ්‍යතාවය සඳහා දැනට විදෙස් රටවලින් පවා මීපැණි මෙරටට ගෙන්වන බවද බිඟුසම්පත සුරැකීමේ සංවිධානය පවසයි.
අනාගතයේදී ශ්‍රී ලංකාවේ ආධුනික සහ ප්‍රවීණ මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව ලබාදීම අරමුණ බව ද මෙම මීමැසි උද්‍යානයේ නිර්මාතෘවරු කියති. ආධුනික මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව, තාක්ෂණික උපකරණ, ලිපි ලේඛන, පොත්පත් සියල්ලම මෙම ස්ථානයේදී ලබා ගැනීමට හැකියාව පවතින බවද බිඟුසම්පත සුරැකීමේ සංවිධානයේ මාධ්‍ය ලේකම් ප්‍රභාත් මාතරගේ මහතා කියයි.
ප්‍රථම අදියර යටතේ උද්‍යානය පුරා ශාකවල මැටි කළගෙඩි රඳවන අතර එම කළගෙඩිවලට පැමිණෙන මී මැස්සන් පෙටිට් ගත කිරීම දෙවන පියවර වේ. තුන්වන පියවර ලෙස මී මැස්සන් බෝ කිරීම හා සංරක්ෂණය කිරීම සිදුකරයි. මෙම උද්‍යානය තුළ ඒ සඳහා අත්‍යාවශ්‍ය සහ ගැලපෙන ශාකයන් පිහිටා තිබේ. අනාගතයේදී දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනූ තැනක් ලෙස මෙම මිමැසි උයන ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තු වන බවද ප්‍රධානත්වයෙන් බිඟුසම්පත සුරැකීමේ සංවිධානය කියයි. ඒ තුලින් රටට විදේශ විනිමය ගෙන්වා ගැනිමට දායක විය හැකි බවද ඔවුහු කියති.



