මීටියා ගොඩ වෙඩි තැබීමෙන් එක් අයෙකු මරුට

බුද්ධික වීරසිංහ

මීටියාගොඩ පොලිස් වසමේ මානම්පිට එරෙනවිල ප්‍රදේශයේ අවන්හලක් තුල ඊයේ (03) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බව කියැවේ.

තුවාල ලත් පුද්ගලයා බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ මීටියාගොඩ පදිංචි 47 හැවිරිදි වඩු කාර්මිකයෙකි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බැව් මීටියාගොඩ පොලිසිය ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *