චම්පිකා මුතුකුඩ
මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ගෞරව නාමයක් පිරිනමා තිබේ.
මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට මෙම ගෞරව නාමය ප්‍රධානය කර තිබේ.
ඒ අනුව අනුව අද දින සිට අනුර කුමාර දිසානායක මහතා “මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි” යන ගෞරව නාමයෙන් පිදුම් ලබයි.
ජාතික පොසොන් උත්සවය සඳහා ජනපතිවරයා අද (10) මිහින්තලේ රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදී මිහින්තලේ විහාරාධිපති හිමියන් විසින් මෙම ගෞරව නාමය පිරිනැමුණි.
අනුර කුමාර ජනාධිපතිවරයා නියම ජාතික නායකයකු බව ප්‍රදර්ශනය කළ බව මිහින්තලේ විහාරාධිපති හිමියෝ මෙහිදී සඳහන් කළහ. තමන් වහන්සේ ද යම් යම් අවස්ථාවල රැවටීමකට ලක් වූ බව වැටහෙමින් ඇති බවද මේ අවස්ථාවේ වලවා හැංගුණ වැවේ ධර්මරතන හිමියෝ ප්‍රකාශ කළහ
