මිහින්තලේ –  වැවෙයි කැලේ

කිත්සිරි වනසිංහ අනුරාධපුර 

ප්‍රාදේශීය සභාවේ නිසි කසල කළමනාකරණයක් නොමැති කමින් මිහින්තලේ නගරය දිනෙන් දින අපවිත්‍ර පරිසරයක් බවට පත් වෙමින් පවතී.

විශේෂයෙන් මිහින්තලේ බස්නැවතුම්පොළ හා ඒ අවට වටපිටාව දැඩි අපවිත්‍ර බවින් යුක්ත අතර නගරයේ ජලය බැස යාමට ඇති කාණු පද්ධතිය ද  ඉවතලන ප්‍ලාස්ටික් ඇසුරුම් වලින් පිරී පැවතීම නගරයේ අලංකාරය නැතිවීම මෙන්ම ජලය එක් රැස්ව පැවතීමෙන් මැසි මදුරුවන්ගේ වර්ධනයට ද හේතු වී තිබේ.

ලොව සුපතල මිහින්තලේ පුදබිම සියැසින් දැකබලා ගැනීමට  දෙස් විදෙස් ජනතාව දිනපතා පැමිණෙන නගරයක් වන මෙහි වත්මන් තත්ත්වය අතිෂය ශෝකජනකය.

අඩුම තරමේ මිහින්තලේ පොදු බස් නැවතුම්පොළේ පැල වී ඇති වල් පැලයක් හෝ ගලවා දැමීමට කිසිවෙකුත් අවධානය යොමු කර නොමැත. 

නගරයේ ඇති වෙළද සල් මගින් දිනපතා පරිසරයට මුදා හරින කැළි කසල නිසි ලෙස බැහැර නොකිරීම මෙන්ම කසල කළණාකරණය පිළිබඳව විධිමත් වැඩ පිළිවලක් හා ඒ කෙරෙහි අදාල අංශ වල නිසි අවධානයක් යොමු නොවීම  මෙම ගැටලුවට ප්‍රධානතම හේතුව බව නගර වාසීහු කියති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *