කිත්සිරි වනසිංහ අනුරාධපුර
බීමතින් පැමිණි පිරිසක් මිහින්තලා රජමහා විහාර මැදමළුවේදී විහාර වාසී හිමිවරුන් වාහනයට යට කිරීමට තැත් කොට උන්වහන්සේලාට තර්ජනය කොට පලා ගොස් ඇතැයි විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් ප්‍රකාශ කළහ .
“පලයව් තොපි පන්සලෙන්.තොපි එලවන්ඩ ඕනේ.කියා තර්ජනය කොට පොඩි නම වාහනයට යට කරන්න හදලා. පැත්තකට පැනගෙන පොඩි නම පණ බේරගෙන. ඊයේ වාහනයට යටවුණා නම් අද උන්වහන්සේ අපවත් වෙලා.සමාජයට මේක ඒක සිදුවීමක් විතරයි. අර පාස්කු ප්‍රහාරය වගේ”.
විහාර භූමියට නිසි ආරක්ෂාවක් නොමැතිවීම තුළ හාමුදුරුවරුන්ගේ පමණක් නොව එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාවට මෙන්ම පෞරාණික ස්මාරකයන්ගේ ආරක්ෂාවද තර්ජනයකට ලක්ව ඇති තත්වය මෙයින් පිළිබිඹුවන වන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
වත්මන් ජනාධිපතිතුමන් විහාර භූමියේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයාට ලිඛිත නියෝග ලබා දී තිබෙනවා. ඒවා ක්‍රියාත්මක නොවීම වර්තමානයේ මෙම ගැටලුවලට හේතු ලෙස පෙන්වා දිය හැකි බවද ධම්මරතන හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

