වැලිගම තරංග ගුණරත්න
මිරිස්ස ධීවර වරාය පරිශ්‍රයේ වසර ගණනාවක් තිස්සේ ගොඩ ගසා තිබු අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගැනේ.
මිරිස්ස ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් බහු දින ධීවර යාත්‍රා 380 ක්ද එක් දින යාත්‍රා 220 පමණ ධීවර කටයුතුවල යෙදෙයි.
එම යාත්‍රාවලින් බැහැර කරන අපද්‍රව්‍ය ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු වරාය පරිශ්‍රය අසලට ගෙනවිත් දැමීම සිදුකෙරේ . එමගින් දිනකට බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය කියුබි එකක් පමණ වන බව සදහන් වෙි .පොලිතීන්,රෙජිෆෝම්, ග්‍රීස් ,තෙල් සහ තින්ත වැනි රසායන වර්ග තැවරු රෙදි කැබලි, තංගුස් නූල් වර්ග, ප්ලාස්ටික් බෝතල්, ආදී නොයෙක් අපද්‍රව්‍යය මේ අතර වන බව සඳහන්වේ
මිරිස්ස වරාය පරිශ්‍රයේ එකතු වු විවිධ අපද්‍රව්‍ය දෛනිකව බැහැර කිරීම සිදු නොවීම හේතුවෙන් 2017 වර්ෂයේ පමණ සිට මේ දක්වා විශාල කැලි කසල තොගයක් එකතු වීමෙන් එය කැලිකසල අංගනයක් බවට පත්ව තිබිණි.
ඒ සමග දැඩි පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු රැසක් ඇති වි තිබෙි. එම තත්ත්වය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල කරමින් තිබිණි
ධීවර නියෝජ්‍යා අමාත්‍ය රත්න ගමගේ මහතා සහ , දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිෂ්චන්ද්‍ර මහතාගේ උපදෙස් මත එම අපද්‍රව්‍ය ඉවත් කිරීම වැලිගම නගර සභාව , වැලිගම ප්‍රාදේශීය සභාව හා මාතර නගර සභාව එක්ව එම අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුකරන ලදී.


