නික්කි රණසිංහ

කොස්ගම පොලිස් වසමේ අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ දී මාර්තු 26 වනදා රිය අනතුරක් සිදුවිය. ඒ අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් පිටතට පැන මාර්ගය අයිනේ ගමන් කළ කාන්තාවකගේ ගැටීම නිසායි.
අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කළ පසු ඊයේ රාත්‍රියේදීම අභාවප්‍රාප්ත විය. ඇගේ ගෙල ප්‍රදේශයට බරපතල ලෙස තුවාල සිදුවී ඇති බව වාර්ථා වේ.
වයස අවුරුදු 46ක තැනැත්තියක් වූ ඇය පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක කාන්තාවකි.