ලක්මිණි නදීෂා – කොළඹ
පසුගිය සිකුරාදා ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පීඩාවට පත් මියන්මාරයේ ජනතාවට සහන සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර යැවීමට සූදානම්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ජයතිස්ස මහතා පැවසුවේ වෛද්‍ය කණ්ඩායම ශ්‍රී ලාංකික වෛද්‍ය විශේෂඥයින් සහ හෙද කාර්’ය මණ්ඩලයෙන් සමන්විත බවයි.
වෛද්‍ය කණ්ඩායම සමඟ අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ද පිටත් කර යැවීමට සූදානම් බවද ඔහු පැවසීය.අමාත්‍යවරයා සඳහන් කළේ ….“වෛද්‍ය කණ්ඩායම පිටත්ව යාමට සූදානම්ව සිටින්නේ. මේ බව විදේශ අමාත්‍යාංශය හරහා මියන්මාරයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට දන්වා යවලයි තියෙන්නේ. වෛද්‍ය කණ්ඩායම සූදානම්ව තබා ගන්නා ලෙස ශ්‍රී ලංකා දූත මණ්ඩලය ඉල්ලා තිබෙනවා. අවශ්‍ය වූ විට එය දැනුම් දෙයි” …. යනුවෙනි.
මියන්මාරයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයෙන් පණිවිඩය ලැබුණු වහාම වෛද්‍ය කණ්ඩායම පිටත් කර හරින බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මියන්මාරයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවකින් තායි අගනුවර වන බැංකොක් දක්වා දුර බැහැර ගොඩනැගිලි කඩා වැටී තිබේ. ඉන් දිවි ගලවා ගත් අය සොයමින් සිටින බව වාර්’තා වේ.
විදෙස් මාධ්‍ය පවසන පරිදි සියවසකට වැඩි කාලයක් තුළ යුද්ධයෙන් විනාශ වූ රටට බලපෑ විශාලතම භූමිකම්පාවෙන් පසු මියන්මාරයේ 2,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව දැන් තහවුරු වී ඇත. සැබෑ මරණ සංඛ්‍යාව ගණනය කිරීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි විශේෂඥයෝ පවසති.
