මියන්මාරයේ සයිබර් කදවුරු වල රඳවා සිටි තවත් පිරිසක් දිවයිනට

ලක්මිණි නදීෂා – කොළඹ

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බළහත්කාරයෙන් රදවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු , එයින් මුදා ගෙන ඊයේ(18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

මෙම පිරිස අතර තරුණියන් 04 දෙනෙකු සහ තරුණයින් 10 දෙනෙකු සිටියහ .

 ඔවුන් මියන්මාරයේ සයිබර් කදවුරු තුළින් මුදා ගෙන , දේශසීමාව ඔස්සේ  තායිලන්තය වෙත රැගෙන විත් තිබුණි.

ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මෙම පිරිස තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒම සදහා අවශ්‍ය මූල්‍ය ශක්තිය සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( I.O.M ) විසින් ලබා දී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *