මිණි පළඟ මැණික් පුටුව නාගදීපයට පූජා කිරීම මේ මස හත්වෙනිදා.


 (ලසන්ත නිරෝෂණ  පෙරේරා )

රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් ඔබ්බවා නිර්මාණය කළ  මිණි පළඟ ලෙස නම් කළ මැණික් පුටුව නාගදිප ව්හාරස්ථානයට පුජා කිරිම සඳහා රත්නපුරයෙන් රැගෙන යන ලදී..


වසර හතක් තිස්සේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පරිශ්‍රයේ කුටියක රත්නපුර සහ අවට ජනතාවගේ මිණි කැට වලින් හැඩ වැඩ වුණ  මිණිපළඟ මැණික් පුටුව නාගදීපයට පූජා කිරීම මේ මස 07 වෙනිදා සිදු කෙරේ.

  රත්නපුර සහ අවට ප්‍රදේශවල ජනතාව පූජෝපහාර දැක්ව්මෙන් පසුව මෙම මැණික් පුටුව   (03)  වනදා  රත්නපුර සිට කැළණි රජමහා විහාරස්ථානය දක්වා රථ පෙරහකින් රැගෙන යනු ලැබිණ..

කැලණිය රජමහා ව්හාරස්ථානයෙන් 04 වනදා පිටත්වෙන පෙරහැර 06 වනදා යාපනයේ නාගදීප ව්හාරස්ථානය වෙත ළහාව්මට නියමිතය. මැණික් ඔබ්බවා නිර්මාණය කළ පුටුව 07 වනදා නාගදීප ව්හාරස්ථානයේ පැවත්වෙන ආගමික උත්සවයේදි එම විහාරස්ථානයට පුජා කෙරෙන බව එම ම්ණි පළඟ පුටුව නිර්මාණය කළ රත්නපුර මැණික් ව්‍යාපාරිකයෙකු වන රත්නපුර මිණිදන පදනමේ සභාපති කපිල අතුරලියගම මහතා පැවසීය

  වසර හතක් තිස්සේ රත්නපුර ප්‍රදේශයේ මැණික් ක්ෂේත්‍රයේ අය පරිත්‍යාග කළ මැණික් ගල්ද ,කපිල අතුරුලියගම මහතා සතු මිණි කැටද  ඔබ්බවා රිදියෙන් තැනු පුටුවක කරඩුවක් ද සහිත මෙම අපූරූ මැණික් පුටුව නිර්මාණය කර තිබේ.

  කපිල අතුරුලියගම මහතා පුද්ගලිකව  මැණික් කෞතුකාගාරයක්. පවත්වාගෙන යන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රත්නපුර මධ්‍යස්ථානයේ කුටියක දි මැණික් පුටුව  නාගදීපය දක්වා රැගෙන යාම  වෙනුවෙන් ආගමික චාරිත්‍ර ඉටු කෙරිණි . ශ්‍රිපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් සහ නාගදීප විහාරාධිපති
නවදගල පදුමකිත්ති  නාහිමියෝ මෙම අවස්ථාවට සහභාගි වුහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *