මැණික් ගැරීමේ තරගයක් 

                                 

කහවත්ත, ලසන්ත නිරෝෂණ පෙරේරා

රතනපුර දිස්තිුක්කයටම ආවේණික මැණික් ගැරිමේ  ක්‍රමවේදය අවුරුදු උත්සව ක්‍රිඩාවකට එක් කරමින්  සාම්ප්‍රදායානුකුල මැණික් ගැරිමේ අපූරූ තරගයක් අවුරුදු උත්සවයකට එක් කර තිඹුණි .

                          පළමු වතාවට අවුරුදු උත්සවයක තරගයක්  ලෙස මැණික් ගැරීමේ තරගයක් 16 වනදා ඊයේ  පැවැත්වුණේ  ඕපනායක දන්දෙණිය කිරංඇල අසබඩ මල්ගහවත්ත අරාව වෙල්යායේ පැවති අවුරුදු උත්සවයේදිය.

  පුදේශ වාසින් සමග අටමගල ලෙස මෙම  අවුරුදු උත්සවයට ව්ශේෂිත නමක්ද තබා තිබුණේ ජන ක්‍රිඩා රැසක් ඊට එක්කර තිබූ නිසාවෙනි.

   ගිලිහි යන අපේ පාරම්පරික අවුරුදු කිුඩා පිලිබඳව ඡනතාව දැනුවත් කිරිමේ අරමුණ ඇතුව මෙම බක්මහ උළෙල සංවිධානය කළබව සංවිධායක මණ්ඩලය පැවසිය.  

                                 අටමගල ලෙස නම් කළේ අෂ්ට මංගල වස්තු යන තේරුම ඇතිව බවත් පුරාණයේ ශාන්තිකර්ම වලදි බලි ශාන්ති වලදි වෙස් මංගල අවස්තාවලදි  සහල් /පොල් / මෝල් /කලාලය/තොලබෝ/ හීරුස්ස/දිවිකදුරු/ දිවිහිස  කියන අෂ්ට මංගල වස්තු ඇතුළත් වන පරිදි  පැදුරකට සහල් අතුරා චාරිත්‍ර ඉටුකර ඇති බව සදහන් වේ.

   ගෙන එන ලද ඉල්ලම් පස් තොගයකට දැමූ මැණිකට තුනක් සෙවීම සඳහා සඳහා තුන්දෙනාගේ කන්ඩායම් සැදී උදැල්ල, කූඩය ගැරුම් වට්ටිය භාවිතා කර මැණික් ගැරිමට මෙහිදී තරඟකරුවන්ට සිදු විය

 කණ්ඩායම් අටටකට ආසන්න පිරිසක් තරඟයට ඉදිරිපත් වු අතර  ඵ් කණ්ඩායම් අතරින් මැණික් ගල් තුන සොයා ගත්  කන්ඩායම් තුන පිලිවෙලින්  ඡයගුහකයින් ලෙස තෝරාගනු ලැබීය. පුදේශයේ මැණික් ව්‍යාපාරිකයෝ තරගය විනිශ්චයට සහභාගි වූහ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *