පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
මුතුපන්තිය ධීවර ගම්මානයේ මාදැලකට ලක්ෂ 350 අධික වටිනාකමකින් යුත් වෙම්බරු පරව් මත්ස්‍ය අස්වැන්නක් ඊයේ (7) සහ අද(8) ලැබි තිබේ.
මුතුපන්තිය ධීවර ගම්මානයෙ පදිංචි මාදැල් හිමිකරුවෙගේ මාදැලට මෙලෙස මෑත කාලයෙ ලැබූ දැවන්තම වෙම්බරු පරව් මත්ස්‍යයින් තොගය ලැබි තිබේ.
එක් වෙම්බරු පරව් මත්ස්‍යයකු කිලෝ 6 කට අධික බවත් මාදැල ඇදිමට එක්වු පිරිසට අමතරව මුතුපන්තිය ගම්මානයේ විශාල පිරිසක් ද මාදැලට කොටුව සිටි මත්ස්‍යයින් ට්‍රැක්ටර් වලට පැටවිමට එක්වි ඇති බව කියයි.
දින දෙකක ලැබි ඇති මෙම මත්ස්‍ය අස්වැන්න කිලෝ 50,000 (පනස් දහස) කට අධික බවද කියවේ. එක් කිලෝවක් රුපියල් 700,හා 750 බැගින් අලේවි කර ඇත.
කෙසේ වෙතත් මෙතරම් විශාල මත්ස්‍ය අස්වැන්නක් මෑත කාලයේ මාදැලකට ලැබුන පළමු අවස්ථාව මෙය වේ.
මෙම මාදැල් හිමිකරුට පසුගිය වසර වලද සැලකිය යුතු මත්ස්‍ය අස්වැන්නක් ලැබි ඇති බව ඔහු පවසයි.
මාදැලට කොටු වු මත්ස්‍යයින් ට්‍රැක්ටර් රථ 20 කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් උඩප්පුවට රැගෙන ගොස් අලෙවිවි කල බවද සැලයි.


