මාලනී ෆොන්සේකා සුවයෙන් සමනලීගෙන් සටහනක්

ලක්මිණි නදීෂා – කොළඹ 

හෙළ සිනමාවේ නිළි රැජිණ, මාලිනි ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරක් හුවමාරු වෙමින් තිබේ.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින ඇය සුවෙන් පසුවන බව ඇයගේ ඥාති දියණියක් වන ජනප්‍රිය රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත.

“මම ඇහුවා නැන්දගෙන් මේ පිංතූරෙට දාන්න caption එකක් කියන්න කියලා.
“mission completed! කියලා දාන්න ශා…” කියලා කිව්වා.
ඉතින් ලොකු නැන්දා සනීපෙන්.
නැන්දට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු, උදව් කරපු හැම ආදරණීය කෙනෙක්ටම ස්තූතියි!”

මෙම සටහනත් සමඟ ඇය මාලිනි මහත්මිය සමඟ සිටින සේයා රුවක් ද සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *