අනුරාධපුර කිත්සිරි වනසිංහ
උතුරු මැද රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් එළඹෙන සඳුදා(10) දිනයේ සිට මරාන්තික උපාසයක් ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටි.
පසුගිය රජය සමයේ තමන්ට සිදුවූ අසාධාරණය වත්මන් රජය යටතේ ද සිදුවෙමින් පවතින බවත් ආණ්ඩු වෙනස් වුවද වෙනස් යයි කියන ප්‍රතිපත්ති වචන වලට පමණක් සීමා වීම තුල තමන් ලද කම්පනය මාරාන්තික උපවාසය ආරම්භ කිරීමට හේතුවී ඇතැයි ඔවුහු කියති.
ගුරු විභාගය මෙන්ම සම්මුඛ පරීක්ෂණ ද සමත් හා ගුරු විභාගය සමත් එහෙත් සම්මුඛ පරීක්ෂණ නොකළ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් ඉකුත් සඳුදා(03) උතුරු මැද පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක ද නිරත විය.මෙම පිරිස එළඹෙන 10 වැනිදා මාරාන්තික උපාසක ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටි.
උතුරු මැද පළාතේ රජයේ පාසල් සඳහා උපාධිධාරින් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට 2024.03.09 දින තරග විභාගය පැවැති අතර ඉන් විභාගයත් සම්මුඛ පරීක්ෂණයත් යන දෙකම සමත් මෙන්ම විභාගය සමත් එහෙත් සම්මුඛ පරීක්ෂණ නොලද උපාධිධාරීන් මෙම විරෝධතාව ආරම්භ කොට තිබේ.
ඉකුත් සඳුදා දින පැවැති විරෝධතාව පස්වරු තුන පමණ වන විට අවසන් කළ අතර ලබන සඳුදා දිනය වන විට තම ගැටළුවට විසඳුමක් ලබා නොදෙන්නේ නම් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් බව එම එකමුතුවේ සංවිධායක ආර්.එම්.එස්.බී.රාජසිංහ මහතා පැවසීය.
මෙම ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරිය ඇතුළු සෙසු වගකිය යුතු නිලධාරීන් මේ වන විට ලිඛිතව දැනුවත් කර ඇති බවත් එසේ වුවද තම ගැටළුවට මෙතෙක් කිසිදු විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව රාජසිංහ මහතා කීය.
තම ගැටලුව පිළිබඳව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රධාන පළාත් බලධාරීන් කිහිප විටෙක දැනුවත් කලද ඔවුන් තමන් කුනු රොඩු ගානට දමා ඇති බවත් පළාත තුළ ගුරු හිඟයක් පැවතියද ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබුණද තමන් පලිහක් සේ තබාගෙන සිටින්නේ කුමන සාධකයක් මත දැයි නොදන්නා බවද විරෝධතාකරුවෝ කියති.
මේ පිළිබඳව සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් හා ජාතික ජන බලවේගයේ අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායක කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ මොවුන්ගේ ගැටලුව සාධාරණ බවත් ඔවුන් වෙනුවෙන් සාධාරණ ඉටු කිරීම කෙරෙහි වත්මන් රජයේ අවධානය යොමු වී ඇති බවත් ය. ගැටලු හඳුනාගත යුතු බවත් ක්ෂණික තීන්දු නොව ඵලදායි තීන්දුවක් කෙරෙහි තම රජයේ අවධානය යොමු කරන බවත් හෙතෙම පැවසීය. පීඩනය මත ඔවුන් වත්මන් රජයට චෝදනා එල්ල කළද තම පාලනයක් යටතේ ඔවුන්ට අසාධාරණයක් සුදු නොවුණු බවත් පීඩිත කණ්ඩායම වෙනුවෙන් ඉක්මන් සාධාරණ විසඳුමක් ලබාදීම කෙරෙහි අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ප්‍රියන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.


