මාර්ගය වසා දැමූ බියර් කන්ටේනරය

නික්කි රණසිංහ,රන්ජන් මඩගම්මන

කන්ටේනර් රථයකින් විසිවුණු  බියර් තොගයක් නිසා අද දින (19) කෙටි වේලාවකට රත්නපුර අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය අවහිර විය

රත්නපුර  අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ ඇහැලියගොඩ මීන්නාන ප්‍රදේශයේදී බියර් තොගයක් රැගත් ප්‍රයිම් මුවර් රථයක් අනතුරට ලක්වීමෙන්  බියර්   තොගය සම්පුරිණයෙන්ම ප්‍රධාන මාර්ගය  අවහිර වන සේ විසිරි යාමට ලක් විය.මෙහි දී ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක් රොක් වී බියර්  බොතල් හා පෙට්ටි රැගෙන යන අයුරු දැකගැනිමට හැකිවිය.මෙයින් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැත.

     මීන්නාන වංගුව අසල ධාවනය වීමත් සමග මෙම බියර් පෙට්ටි ඇද වැටී ඇති බවත් අනතුරට වෙනත් හේතුවක් නොමැති බවත් මේ පිළිබඳ අලාභය ගණනය කර නොමැති බවත් ඇහැළියගොඩ පොලිසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *