පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රාදේශයෙ 27 දින දහවල් සිදුවු ලොරි මෝටර් රථ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් එයින් බරපතල තත්වයෙ සිටි එක් අයකු පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවත් මදුරන්කුලිය පොලිසිය පවසයි.
පුත්තලම දෙස සිට මෝටර් රථය හලාවත දෙසට ගමන් කරමින් සිට ඇති බවත් විදුලි උපකරණ රැගත් ලොරි රථය හලාවත සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබියදි මුහුණට මුහුණ ගැටි මෙම අනතුර සිදුව ඇති බවත් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හෝ රථය පාලනය කර ගැනිමට නොහැකිව ලොරි රථයේ ගැටි ඇති බව සිදුකල මූලික පරික්ෂණ වලින් හෙළිව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.
අනතුරින් මෝටර් රථයට බරපතල හානි සිදුව ඇත. මෝටර් රථයේ සිරවි සිටි රියදුරුව ප්‍රදේශවාසින් විසින් බේරා ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණි.
අනතුරීන් බරපතල තුවාල ලබා ඇත්තේ කුලියාපිටිය ප්‍රාදේශයෙ පදිංචි 24 හැවිරිදි තරුණයකු බවත් ඔහු අනුරාධපුර ගොස් ආපසු හලාවත හරහා කුලියාපිටියට ගමන් කරමින් සිටි බවත් කියවේ.
අනතුර සම්බන්ධව මදුරන්කුලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු පරික්ෂණ පවත්වති.
