(නික්කි රණසිංහ)
තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස රූපවාහිනි පුවත්පත් හා සමාජ මාධ්‍යජාලාවල සුවිශේෂ මෙහෙවරක් කළ ප්‍රියාන් මාලින්ද මහතා අද අලුයම රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.
ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කරගත් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා පාරිසරික මාධ්‍ය සම්බන්ධව මහත් මෙහෙයක් කළ තැනැත්තෙකි. එමෙන්ම ඔහු සමරිසි ප්‍රජාව වෙනුවෙන් සිනමා පටයක් පවා නිර්මාණය කර ඇති අතර නුදුරේදීම එය තිරගත වීමට නියමිතව තිබුණි.
ඇහැලියගොඩ ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය බලා ගමන් කිරීමේදී ඔහු ගමන් කළ යතුරුපැදිය හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 120 කණුව අසළ ලොරි රථයක වැදීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. අනතුරෙන් පසු ලොරි රථය නොනවත්වාම ධාවනය කර ඇත. ඒ මහතාගේ දේහය මේවනවිට හබරණ රෝහලේ තැන්පත් කරඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු හබරණ පොලිසිය මගින් සිදුකරයි.


