පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළේ මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් අද (18) දින උදෑසන පෙරළි ගොස් තිබේ.එහි රියදුරා ට්‍රැක්ටරයට සිරවි මරණයට පත්ව ඇති බවත් අසාධ්‍ය තත්වයෙන් සිටි සහයකයා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් උඩප්පුව පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ පුප්පුපාඩුව කොත්තන්තිව් පදිංචි ඉරසුර ආරච්චිගේ අජීත් නිලන්ත නැමති ධීවර කාර්මිකයකු හා රියදුරෙකු ලෙස සේවය කරන අයකු බව කියයි.
පල්ලිවාසල්පාඩුව සමාගම් දැල නමින් ප්‍රසිද්ධ මාදැල මුහුදේ එලා එය ට්‍රැක්ටර් වලට සවිකර ඇති වින්ච් නැමති ආධාරක උපයෝගි කර ගනිමින් මාදැල ගොඩට අදිමින් සිටියදී නොසිතු ලෙස එකවර ට්‍රැක්ටරය උඩකුරුව පෙරළි රියදුරු හා සහයකයා එයට යටවි සිටි බව කියයි.
කෙසේ වෙතත් එම ස්ථානයේ තිබු තවත් ට්‍රැක්ටරයක් හා මාදැල ඇදිමට සිටි අනිත් ධීවරයින් සමග එක්වි, ට්‍රැක්ටරය උස්සා ,මෙම දෙදෙනා ඉවත් කර, කඩිනමින් කොත්තන්තිව් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණද ඒ වන විටත් ට්‍රැක්ටරයේ රියදුරා මරණයට පත්ව සිටි බව කොත්තන්තිව් රෝහලේ වෛද්‍යවරු පවසති
මාදැල් ඇදිම සඳහා ධීවරයින්ට අමතරව ට්‍රැක්ටරයට සවි කරනු ලැබ ඇති වින්ච් නැමති ආධාරකය ධිවර පනත අනුව තහනම් නමුත් මේ වන විට මාදැල් ඇදිමට යොදා ගන්නා ධීවරයින් සංඛ්‍යාව අඩු කිරීමට මෙලෙස වින්ච් සවිකල ට්‍රැක්ටර් රථ භාවිතා කිරිම බහුල වී තිබේ.
කෙසේ නමුත් මෙයට පෙරද මෙවැනි අවාසනාවන්ත සිදුවිම් ගණනාවක් වාර්තා වී ඇති අතර ඒ සමගම අවස්ථා කිපයකදි මාදැලට සවිකර ඇති කඹය කැඩි ගොස් ඒ අසල සිටි ධීවරයින් විවිධ අකරතැබ්බ වලට පවා මුහුණ දී තිබු බව කියයි.
මෙම අවාසනාවන්ත සිදුවිමෙන් මරණයට පත්වු අය විවාහකයකු වන අතර ඔහු දෙදරු පියෙකි.
මේ වන විට මරණයට පත්වු අයගේ සිරුර පුත්තලම රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර ඇති අතර 19 දින පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්විමට නියමිතව ඇති බව උඩප්පුව පොලිසිය කියයි.



