මාතර බන්ධනාගාරයේ ඉපැරණි බෝධියේ අතු ආදාහනය

වැලිගම  තරංග ගුණරත්න

මාතර බන්ධනාගාරයේ පිහිටි ඉපැරණි බෝගසේ අනාරක්ෂිත අතු ඉවත් කිරිමෙන් අනතුරුව එම අතු කොටස් ආදාහනය කිරිම ආගමික වතාවත් වලින් අනතුරුව කොටවිල ප්‍රදේශයේදි අද (10) පෙරවරුවේදි සිදු විය.

මාතර බන්ධනාගාරය තුළ පිහිටි මෙම ඉපැරණි බෝගසේ අත්තක් ඉකුත් ජනවාරි පළමු (01) වන දින රාත්‍රියේ රැඳවියන් රඳවා සිටි වාට්ටුවක් මතට කඩා වැ⁣⁣ටිමෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තවත් රැඳවියන 10 දෙනෙකුට තුවාල සිදුවිය ,

ඉන් අනතුරුව බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ අධීක්ෂණය යටතේ මෙම බෝගසේ පිහිටි අනාරක්ෂිත බෝඅතු ඉවත් කිරිමට පියවර ගන්නා ලදී.
එලෙස ඉවත් කරන ලද බෝ අතු කොටස් සම්ප්‍රදායානුකූලව ආදාහනය කිරීමට කටයුතු කෙරිණි.  මාතර මහා මන්තීන්ද පිරිවෙන් විහාරාධිපති තිස්සමහාරාමයේ ඉන්දානන්ද හිමි හා මිගදාය ශ්‍රි රතනපාල මහා පිරිවෙනේ පරිවෙනාධිපති දර්ශනපති ලියන්ගහවෙල ආනන්ද හිමි ඇතුලු මහා සංඝරත්නයේ උපදෙස් සහ අනුශාසනා මත ආගමික වතාවත් ඉටු කිරිමෙන් අනතුරුව සම්ප්‍රදායානුකුලව ගිනි දැල්විම සිදු කො⁣ට මෙලෙස ආදාහනය කිරිම සිදු කරන ලදි.
මෙයට සමගාමීව මියගිය රැඳවියන්ට පිං පැමිණවිමද සිදු වු අතර මෙම අවස්ථාවට මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිට මහතා ඇතුලු බන්ධනාගාර නිලධාරින් පිරිසක්ද එක්ව සිටියහ

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *