මොහොමඩ් ආසික්
මහවැලි ගඟේ පාවෙමින් තිබු නාඳුනන පිරිමි මළ සිරුරක් කටුගස්තොට පොලීසිය මගින් සොයා ගෙන තිබේ.
කටුගස්තොට වත්තේගම මාර්ගය ආසන්නයේ මහවැලි ගඟේ මළසිරුරක් පාවෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයට ගිය පොලීසිය එම මෘත ශරීරය ගොඩට ගෙන තිබේ .
අභිරහස් ලෙස මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 45-50 අතර පසුවන්නෙකු බවත් දින කිහිපයකට පෙර මොහු මිය යන්නට ඇති බවත් පොලීසිය සැකකරයි. මොහුගේ උස අඩි5 යි අඟල් 4ක් වන බවත් අත් කොට කලිසමක් සහ දිග කලිසමක්ද හැඳ සිටි බවත් පොලිසිය කියයි.
මෙම මෘත ශරීරය මහනුවර ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මොහු හඳුනා ගැනීමට සහාය වන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
