සංජීවනී පද්මසේන
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිතයෙන් සිදු කරන වංචනික ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මහ බැංකුවේ රැකියාවක් ලබා දෙන බව පවසමින් ව්‍යාජ රැකියා දැන්වීම් සමාජ මාධ්‍යවල හා වෙබ් අඩවිවල සංසරණය වන බවත් ඒවාට මුලා නොවන ලෙසත් ය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එලෙස රැකියා ඇබෑර්තු පළ කිරීමට තෙවන පාර්ශවීය සමාජ මාධ්‍ය භාවිතා නොකරන බවටද එමගින් අවධාරණය කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව සතු රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු මහ බැංකු වෙබ් අඩවියේ “රැකියා” යටතේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ පමණක් පළ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනයා වෙත නිවේදනය කරයි.
