යසංග මහවිතාන
ශ්‍රී ලංකාවේ සහල් ඉල්ලුම සැපයීමට මහ කන්නයේ අස්වැන්න ප්‍රමාණවත් නොවුනහොත් සහල් පිටරටින් ගෙන්වීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි .
මෙවර මහ කන්නයේදීත් අපේක්ෂා කළ තරමට වඩා වී අස්වැන්න අඩුවී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිණි.
“2024 – 25 මහ කන්නයේත් අපේක්ෂා කරපු වී අස්වැන්නට වඩා මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් අඩුවෙන් තමයි අපට අස්වැන්න ලැබිලා තියෙන්නෙ. කීරිසම්බා හිඟයක් පවතින බවට එළියේ මාකට් එක ඇතුළෙ හදමින් තියෙන කතාවක් තියෙනවා. ඒකටත් අවශ්‍ය වුණොත් යම්කිසි සහල් ප්‍රමාණයක් ගෙන්වන්න අපි තීරණයක් අරන් තියෙනවා.. දේශීය සහල් අනෙකුත් නිෂ්පාදන සඳහා ගන්න එක ,විශේෂයෙන් බියර් සඳහා මෙට්‍රික් ටොන් 18,000ක් පමණ අවුරුද්දකට පාවිච්චි කරනවා. ඒ නිෂ්පාදකයින් සමග සාකච්ඡා කරලා ඒ සහල් ටික ගෙන්නලා දෙන්න කතා කරන්නත් අපි තීරණයක් අරන් තියෙනවා. ඒ සහල් ගෙන්නලා මාකට් එකට යන්නෙ නෑ එතකොට. එතකොට කර්මාන්තය සුරක්ෂිතයි”
යනුවෙන් පාර්ලිමේන්තුව හමුවේ ඒ මහතා සිය වැඩපිළිවෙල හෙළි කළේය.
