මහනුවර රිළවුන් දූපත්වලට කොටු කිරීමේ සැලසුමක්

මොහොමඩ් ආසික්

මහනුවර දිස්ත්‍රික්කයේ වගාවන්ට සහ සාමාන්‍ය ජනතාවට රිළවුන්ගෙන් සිදු වන හානිය වැළැක්වීම සඳහා එම රිළවුන් වන්ද්‍යාභාවයට පත් කර දූපත් වෙත මුදා හැරීමට  දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අවධානය යොමු වී තිබේ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මෙන්ම කෘෂිකර්ම කමිටුවේද දැඩි අවධානයට යොමුව ඇති මෙම ගැටළුව විසඳීම සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අදාල රාජ්‍ය ආයතන වන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුව සහ  වන ජීවි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරින්ගේද  සහභාගීත්වයෙන් කමිටුවක් පිහිටුවා තිබේ.

මෙම රිළවුන් මුදා හැරීම සඳහා සුදුසු දූපත් සොයා ගැනීම සඳහා වන නිරීක්ෂණයන් වික්ටෝරියා සහ රන්දෙණිගල ආශ්‍රිතව සිදු කර ඇති බවත් වාර්තා වෙයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා විසින් මේ සම්බන්ධයෙන් කෘෂීකර්ම අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන දැනුවත් කිරිමටද පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *