–
( මහනුවර මොහොමඩ් ආසික්)

මහනුවර මහ නගර සභාවේ 16 වන නගරාධිපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයෙන් තේරි පත් වු චන්ද්‍රසිරි විජේනායක මහතා හෙට (02) පෙරවරු 11.00ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා ඉදිරියේ දිවුරුම් දිමට නියමිතව තිබේ.
2025 මැයි මස හය වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී මහනුවර මහ නගර සභාවට අනිවත්ත දොඩම්වල කොට්ඨාසයෙන් ජාතික ජන බලවේගයෙන් තරඟ කර ජය ගත් විජේනායක මහතා ජනතා විමුක්ති පෙරමුණේද දීර්ඝ කාලීනව දේශපාලනයේ නිරත වූ අයෙකි. ඔහු ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභිකයෙකුද වෙයි.