සටහන – කොලින් හරිශ්චන්ද්‍ර
අද දින (01/06) කඳුරට සංස්කෘතික හා කලා සංගමය (රත්න දීප) මගින් මහත්මා ගාන්ධි සැමරුම් උළෙලක් මහනුවර සමූපාකාර ගොඩනැගිල්ලේ දී උත්කර්ෂවත් ආකාරයෙන් සංවිධානය කොට තිබුණි.
එහිදී සේවයට, සහජ දක්ෂතාවයට, ප්රවීණතාවයට, සාධු චර්යාවට උපහාර පිරිනැමීමක්ද සිදු කෙරිණි.
වේදිකා චිත්‍රපට ටෙලිනාට්‍යය අධ්‍යක්ෂක පද්මසිරි කොඩිකාර මහතා ආරාධිත දේශනය සිදු කළ අතර ගෞරවනීය ප්‍රධාන ආරාධිතයාද විය. මහනුවර මහජන සභාවේ ලේකම්වරයකුද වන සර්වාගමික සභාවේ සාමාජිකයෙකුද වන මානව හිමිකම් සංවිධානයේ සාමාජිකයකුද වන සේනානායක මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර ඔහුටද සම්මානයක් පිරිනැමිණි.
මෙහිදී තවද විශේෂත්වයක් වූයේ ආසියානු කුසලානයක් දිනාගත් ජනිත ලක්ෂාන් අරුණ සේනානායක හටද ගෞරවනීය සම්මානයක් පිරිනැමීමයි.
මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර ද සිල්වා මහතාද ගෞරවනීය ලෙස ගෞරව සම්මානයකින් පිදුම් ලැබූ අතර දේශාභිමානී රත්න විභූෂණ නාමයකින්ද පිදුම් ලැබීය..
මෙහිදී සම්මාන ලබා ගැනීමට සමත් වූයේ
1. සේනානායක මහතා
2. ජනිත ලක්ෂාන් අරුණ සේනානායක මහතා
3. කොලින් හරිශ්චන්ද්‍ර ද සිල්වා මහතා
යන අය වේ.
මෙහිදී මාලනී පොන්සේකා මහත්මිය වෙනුවෙන් ගුණ සැමරුමක්ද සූදානම් කර තිබුණි.



