චම්පිකා මුතුකුඩ
මන්නාරම් ද්‍රෝණියේ පවතින බව කියැවෙන ඛනිජ තෙල් හා ස්වභාවික වායු නිධි ගොඩගැනීමේ කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
2011 වසරේදී කෙයාරින් ලංකා පෞද්ගලික සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු නිධි දෙකක් පවතින බවට ගවේෂණ හා කැණීම් සිදුකර තිබේ.
එම ස්ථානයේ ශක්‍ය හයිඩ්‍රෝකාබන් පද්ධතියක් පවතින බවඑම කැණීම්වලදී සනාථ වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් 04ක ඛනිජ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සහ ඒවා ගොඩගැනීම සඳහා ආයෝජන කැඳවීමට යෝජනා ඉදිරිපත්ව ඇත. ඒ සඳහා බලපත්‍ර වටයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලද සහ රෙගුලාසි මඟින් නියම කර ඇති කාර්ය පටිපාටියට අනුකූලව අක්වෙරළ ඛණිජ තෙල් හා ස්වභාවික වායු ගවේෂණ බිම් කොටස් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ශ්‍රී ලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය වෙත බලය පැවරී ඇත.ඒ 2021 අංක 21 දරණ ඛනිජ තෙල් සම්පත් පනතේ විධිවිධාන අනුවය.

