මන්නාරමේ ධීවරයෝ මැයි දිනය වෙනස්ම ආකාරයට සමරයි.

වවුනියාව මාධව කුලසූරිය.

මන්නාරම,වංකාලෙයි හා පේසාලෙයි ප්‍රදේශයේ ධීවරයින් වෙනස්ම ආකාරයට මැයි දිනය සමරමින් මැයිදින සැමරුම් වැඩසටහනක් අද(01) පැවැත්වූහ.

මන්නාරම වංකාලෙයි වෙරළ තීරයට එක්වු ධීවරයින් මැයි දිනය වෙනුවෙන් දේව මෙහෙයක් පවත්වා,ධීවරයින් අතර සහයෝගිතාවය වර්ධනය වන ආකාරයට විනෝද ක්‍රීඩා රැසක් පවත්වමින් මැයි දිනය සැමරූහ.

බෝට්ටු තරඟයක්,පිහිනීමේ තරඟයක් ඇතුළු තවත් විනෝද ක්‍රීඩා කිහිපයක් සංවිධානය කරමින් මැයි දිනය සැමරීම එහිදි සිදුවිය..

වැඩසටහන් අවස්ථාවට ප්‍රදේශයේ කිතුණු දේවස්ථාන පියතුමන්ලා පිරිසක්ද එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *