මධ්‍යම පළාතේ මෙවර මුල්ම අවුරුදුඋත්සවය

මොහොමඩ් ආසික්

මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකය යටතේ ක්‍රියාත්මක කුණ්ඩසාලේ, පළාත් ආදර්ශ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ සිඟිති අවුරුදු උත්සවය එහි ළමා උද්‍යානයේදී අද  (27) දින පැවත්විණි.

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ටී.එම්.එන්.එස්. තෙන්නකෝන් මහත්මිය සහ මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක මහතාගේ ප්‍රධානත්ව‍යෙන් උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගි වූහ..

ඉදිරියේදී පැවැත්වෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සිදුකරනු ලබන සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම ජන ක්‍රීඩා පිළිබඳ දැනුම, මුල් ළමාවිය දරුවන් හට ලබාදීම උදෙසා මෙම සිඟිති අවුරුදු උළෙල සංවිධානය කර තිබිණි.

මෙහිදි මුල් ළමාවිය දරුවන්‍ගේ සහභාගීත්වයෙන් ජන ක්‍රීඩා සහ අවුරුදු ක්‍රීඩා කිහිපයක් ද පැවැත් වූ අතර ඔවුන් සඳහා ත්‍යාග ලබා දීම ද සිදුවිණි.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ සහ පළාත් ආදර්ශ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇතුළු දූ දරුවන් පිරිසක් එක් වූහ.

 

                                     

Leave a Comment

Your email address will not be published. Required fields are marked *