මොහොමඩ් ආසික් –
රජයේ පාසල් වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අනුමත ගාස්තු හැර දෙමව්පියන් ගෙන මුදල් ලබා ගැනීම නොකළ යුුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛණ මගින් දැනුම් දී තිබිය දී අදාළ චක්‍රලේඛණ උල්ලංඝණය කරමින් මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රධාන පෙළේ පාසල් ගණනාවකම මුදල් එකතු කිරීම් සිදු කරන බවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නිවාසාන්තර ක්‍රීඩා උත්සව සංවිධාන කටයුතු සඳහා යැයි කියමින් ඇතැම් පාසල් ගණනාවකම මුදල් එකතු කිරීම් මේ වනවිට විවිධ ක්‍රම මගින් සිදු වන බවටද වාර්තා වෙයි.
පළමු වසර සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන උත්සව වෙනුවෙන් යැයි කියමින් ඇතැම් පාසැල්වල විවිධ ප්‍රමාණයෙන් මුදල් එකතු කරමින් සිටින බවත් වාර්තා වේ. එමෙන්ම පාසැල්වල පවත්වනු ලබන ඇතැම් විවිධ ප්‍රසංග උත්සව වැනි කටයුතු සඳහාත් ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන්ද විවිධ ක්‍රම උපයෝගී කර ගෙන මුදල් එකතු කර තිබේ. එලෙස මුදල් එකතු කර පැවැත්වීමට නියමිතව තිබූ උත්සව, ප්‍රසංග කිහිපයක්ම අත්හිටවීට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍ර ලේඛණය උල්ලංඝණය කරමින් අයථා මුදල් ලබා ගැනීම් සිදුවන නිසා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මිය විසින් ද මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් සියලුම විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමු කරමින් එලෙස මුදල් එකතු කිරීම් නොකරන ලෙස දැනුම් දී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2023 දෙසැම්බර් 29 දිනැතිව නිකුත් කර තිබෙන චක්‍රලේඛය මගින් පාසල් දරුවන් ඇතුළත් කිරීමේ දී අනුමත හා සාමාජික ගාස්තු හැර දෙමව්පියන්ගෙන් මුදල් ලබා ගැනීමට කටයුතු නොකළ යුතු බව පෙන්වා දී ඇත. අතරමැදි ශ්‍රේණි වලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් 2024 අප්‍රේල් 25 දිනැතිව නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුවද රජයේ සියලුම පාසල් වලට පහසුකම් හා සේවා ගාස්තු, පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල් හා අනුමත ගාස්තු හැර වෙනත් ගාස්තු හා අධාර මුදල් හෝ වෙනත් බඩු බාහිරාදිය ලබා ගැනීම තහනම්ය. එවැනි පැමිණිලි සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද එමගින් පෙන්වා දී ඇත.