මධ්‍යම පළාතේ ඉඩම් ලියාපදිංචි තොරතුරු  මාර්ගගත ක්‍රමයට

 

මොහොමඩ්  ආසික්

ම‍ධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් දේපළ විකිණිමේදී ඊට අදාළ තෑගි සහ විකුණුම් ඉඩම් ඔප්පු තොරතුරු මාර්ගගත ක්‍රමයට (Online) ලියා පදිංචි කිරීම සම්බන්ධ‍යෙන් සකස් කර ඇති පරිගණක  වැඩසටහන පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් (28) දින පැවැත්විණි.

මෙහිදි මධ්‍යම පළාතේ දේපළ විකිණිමේදී ඊට අදාළ තෑගි සහ විකුණුම් ඉඩම් ඔප්පු තොරතුරු මාර්ගගත ක්‍රමයට ලියා පදිංචි කිරීම සිදු කිරීමට පියවරගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරනු ලබන නීතීඥ මහතුන් සහ නොතාරිස් මහත්වරුන් දැනුවත් කිරීමට මේ වන විට මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් පියවර‍ ගෙන ඇත.

මෙම මාර්ගගත වැඩසටහන හරහා ඉඩම් ලියා පදිංචි කිරීමේදි නියමිත මුද්දර ගාස්තු ගෙවීම, අදාළ ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ තොරතුරු කඩිනමින් ගෙන්වා ගැනීම සහ වාර්තා ගත කර ගැනීම, ‍ඉඩම් ඔප්පු ලියාදපදිංචි කිරීමේ දී දැනට සිදුවන වංචා හා දුෂණ අවම කර ගැනීම අපේක්ෂා කෙරේ.

මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන මෙම වැඩසටහන අගය කළ යුතු කටයුත්තක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා මෙහිදි සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් කොමසාරිස් චමිල සුගතදාස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *