මධ්‍යම පළාතේ  අපද්‍රව්‍ය වලින් පරිසරයට බලපෑම් . මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුව.

නාඋල ඉන්දික අරුණ කුමාර

මධ්‍යම පළාතේ විවිධ ස්ථාන වලට අවිධිමත්ව බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට බලපෑම් එල්ල කරමින් පවතින බව පරිසර සංවිධාන කියා සිටියි..

ප්‍රධාන මාර්ග, ගංගා ඇලදොළ ඇතුළු පොදු ස්ථාන මෙන්ම ගෘහ ආශ්‍රිතව නිරන්තරව සිදුවන අවිධිමත් බැහැර කිරිම් අතර ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රධාන තැනක් ගන්නා බව ඔවුහු පෙන්වා දෙති.

ඒ අතර මගී ප්‍රවාහන බස් රථවල ගමන් ගන්නා මගීන් බස් රථ වල සිට බාහිර පරිසරයට මුදාහරින විවිධ ප්ලාස්ටික් බෝතල් මෙන්ම නොදිරන අපද්‍රව්‍ය රැසක් මේ වන විටත් පරිසරයට මුසුවි ඇති හෙයින් මේ සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාව පවතින බව මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුව කියා සිටියි..

අවිධිතමත් මානව ක්‍රියාකාරකම් පාලනය සදහා ප්‍රජා පාදක වැඩසටහන් මෙන්ම නව නීති පවා සැකසීමේ කාලය එළැඹ ඇති බව පෙන්වා දෙන මධ්‍යම පළාත් පරිසර සංව්ධාන එකමුතුවේ කැඳවුම්කරු ගාමිනි ජයතිස්ස මහතා කියා සිටියි.

වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින ඝන අපද්‍රව්‍ය භාහිර පරිසරයට මුසුවීම හරහා ආවේනික මත්ස්‍ය විශේෂ මෙන්ම ක්ෂුද්‍රජීවින් රැසක් ද විනාශ වීමේ අවදානමට ලක්ව ඇතැයි ජයතිස්ස මහතා  වැඩිදුරටත් කියා සිටියේය.

01 මධ්‍යම පළාතේ විවිධ ස්ථාන වල දැකිය හැකි ඝන ප්ලාස්ටික් උපකරණ බාහිර පරිසරයට  බැහැර කර ඇති අයුරු

හිර පරිසරයට බැහැර කර ඇති අයුරු.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *