පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරනු ලබන රියදුරන් අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුමක් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අප කළ විමසිමකදි පැවසිය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවේ දුර ගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ රියදුරන් බහුතරයක් විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මගීන් ප්‍රවාහන කර අනතුරු සිදු කිරීම පිළිබදව ඉදිරියෙදි කුමන පියවරක් ගනු ලබන්නේ දැයි කළ විමසිමට පිළිතුරු ලබා දෙමිනි.
දුර ගමන් සේවා බස් රථ රියදුරන් විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ ධාවනය කරන බවට මගීන් හා ජනතාවගෙන් එල්ල වන චෝදනා මේ වන විට වැඩිවි ඇත.
එයට හේතු ලෙස මගීන් හා ජනතාව පවසන්නේ යාපනය සිට වව්නියාව,අනුරාධපුර පුත්තලම ,හරහා හලාවත,මිගමුව කොළඹ දක්වා ගමන් කරනු ලබන බස් රථ හා මන්නාරම සිට කොළඹ දිවෙන බස් රථ රියදුරන්ද මෙලෙස විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි විමත් සමග බස් රථ තුළ ගමන් කරනු ලබන අවස්ථා වලදි ඔවුන් හැසිරෙන ආකාරයට එය මැනවින් තේරුම් ගැනිමට හැකියාව ඇති බවයි.
ඒ නිසාම මෙම බස් රථ වල ගමන් ගමන් කර නැවත බස් රථවලින් බැස යන තුරු ජීවිත අවදානම තදින් මතුවන බව මගීහු චෝදනා ලෙස එල්ල කරති.
ඇතැම් පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ රියදුරන් බස් රථ ධාවනයට පෙර මෙලෙස අයිස්,ගංජා හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනය කරන බවත් ඒ සමග තේ හා කෙටි ආහාර සදහා බස් රථ නවතන හෝටල් වලදි එහි ඇතැම් හිමිකරුවන් පුද්ගලික බස් රථ හිමිකරුවන්ට මෙලෙස මත්ද්‍රව්‍ය ලබා දී බස් රථ නවතා ගැනිමට උපක්‍රම යොදා ඇති බවත් ජනතාව දරුණු චෝදනාවන් එල්ල කරති.
පසුගිය මාස කිපය තුළදි සිදුවු අනතුරු හා රියදුරන් පොලිසි මගින් අත් අඩංගුවට ගෙන වෛද්‍ය පරික්ෂණ වෙත යොමු කිරීමේදි මෙම තත්වය තහවුරු වි ඇත.
කෙසේ වෙතත් මෙම තත්වය හමුවේ දුර ගමන් සේවා පුද්ගලික බස් රථ වල ගමන් කිරීමට මගීන් දැඩි බියක් දැක්වුවද එම මාර්ග වල ගමන් කිරීමට විකල්ප බස් රථ ප්‍රමාණවත් නොවිම හා කෙටි ගමන් සේවා බස් රථ වලට ගතවන කාලය බොහෝ සෙයින් වැඩිවීම මත පුද්ගලික බස් රථ වල නැගී ගමන් කිරීමට සිදුව ඇති බවද පැවසේ.
තවද නම සදහන් කිරීමට අකමැති සාලියවැව ප්‍රදේශයෙන් පුත්තලම දක්වා ගමන් කරන ගුරුවරයකු පවසා සිටියේ එවැනි බස් රථ වල රියදුරන්ට හා කොන්දොස්තර වරුන්ට විරෝධය මතු කළහොත් සිදුවන්නේ බස් රථ වලින් බැස යාමට බවය.
ඒ නිසා මගී ප්‍රවාහන සේවා රියදුරන්ගේ සේවය විධිමත් කිරීමටත්, මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමටත් නිතිය සුරකින නිලධාරීන් නිසි ලෙස රාජකාරිය කළ යුතුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
