මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට

ලක්මිණි නදීෂා – කොළඹ

ඉන්දියාවේ මුම්බායි නුවර සිට  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරිම නිසා ගුවන් තොටුපොළ පොලීසිය මගින් අද (12) අලුයම  අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු ස්වීඩනයේ සහ යාපනය, නාගදීපය ප්‍රදේශයේ පදිංචි, දෙරටෙහිම ද්විත්ව පුරවැසිභාවය හිමි කන්දයියා තුරේසිංහම් නැමති 65 හැවිරිදි අයෙකි.

අද අලුයම 12.45 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටි හෙතෙම , අධික ලෙස විස්කි මත්පැන් පානය කර සිටි බව වාර්’තා වේ.

මෙම පුද්ගලයා  එම ගුවන් යානය තුළ සිටි මගීන්ට කරදර වන ආකාරයට හැසිරීමට පටන් ගෙන ඇති අතර, පසුව එම යානය තුළ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු වෙත ලිංගික අඩන්තේට්ටම් කිරිමට ද ඔහු තැත්කර තිබේ.

පසුව ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීන් ඔහු මැඩ පවත්වා තිබූ අතර , මෙම සිදුවීම පිළිබදව , ගුවන් නියමුවා දැනුවත් කිරිමට ද පියවර ගෙන තිබුණි.

ඒ අනුව මේ පිළිබදව ඔහු කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරිමට ගුවන් නියමුවා කටයුතු කර ඇත.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස වූ පසුව , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් , ගුවන් තොටුපොළ පොලීසිය සමග පැමිණ , මෙම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *