භූමි තෙල් මගින් බඹර වේගයෙන් දුවන මගී ප්‍රවාහන බස් රථ

කිත්සිරි වනසිංහ අනුරාධපුර 

මගී ප්‍රවාහන දුර සේවා බස් රථ බොහොමයක් භූමි තෙල් වලින් ධාවනය කෙරෙන බව අනුරාධපුර ඉන්ධන පිරිවුම් හල් මගින් ලැබෙන තොරතුරු අනාවරණය කරයි. 

අනුරාධපුරයෙන් පිට පළාත් වලට ධාවනය වන හා පිට පළාත් වලින් අනුරාධපුරයට පැමිණෙන දුර සේවා මගී ප්‍රවාහන බස් රථ දීර්ඝ කාලයක සිට මෙම ක්‍රියාවේ නිරතව සිටින බවද එම තොරතුරු පෙන්වා දෙයි. 

 ඩීසල් ලිටරයක මිල ඉහළ අගයක් ගැනීමත් භූමි තෙල් ලීටරයක මිල ඊට සාපේක්ෂව පහළ අගයක් ගැනීමත් මීට හේතුව වී තිබේ.

කාලයක සිට එම ක්‍රියාව සිදු වුවද වග කිව යුතු අංශ ඊට නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද එම තොරතුරු සනාථ කරයි. ඇතැම් බස් රථ රියදුරන් සහ  සහායකයින් ඉන්ධන ටැංකිය භූමි තෙල් සහ ඩිසල් වලින් සමාන ලෙස පිරවීම සිදු කරන බවත් එසේ බස් රථ ධාවනය කිරීම අධික ලාභයක් බවත් බස් රථ හිමියන්ගේ අදහස වී ඇතැයි ඉන්ධන පිරව්ම් හල් මගින් ලැබෙන තොරතුරු සනාථ කරයි.

මේ පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ආචාර්ය සුජිත් රත්නායක මහතාගෙන් කළ විමසුමේදී ඔහු සඳහන් කළේ කෙටි කලක් ඇතුළත මේ සඳහා නීතිමය වශයෙන් කටයුතු කරන බවයි.

වායු දූෂණය සෘජු ලෙස ඕසෝන් ස්ථරයේ හානියට බලපාන බවත් පරිසර පනත යටතේ ආයතන ගණනාවක් එක්ව මෙම විෂමාචාරි ක්‍රියාවන් නවතා දැමීමට පියවර ගත යුතු බවත් හෙතෙම  පැවසීය.

පරිසර අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස තමන් පත්වී වැඩි දිනක් නොමැති බවත්  වත්මන් රජයේ ප්‍රතිපත්ති අනුව මේ සඳහා ඉක්මන් පියවරක් ගන්නා බවත් සුජිත් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *