(සංජීවනී පද්මසේන)
දැදුරුඔය පරම්පරාවේ අවසන් හස්ති පරපුරට අයත් ඉතිරිව සිටින හස්ති රාජයන් වූ මානාභරණ හා භාතිය අතරින් භාතිය ඇත් රජු දැඩි ලෙස රෝගාතුර වී අසාධ්‍යව සිටින බව වාර්තා වේ.
ඉදිරිපස දකුණු පාදය ඉදිමී ඇවිද ගැනීමේ දැඩි අපහසුවෙන් පෙලෙන භාතියට ප්‍රතිකාර කිරීමේ කටයුතු නිකවැරටිය වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් හා පශුවෛද්‍ය නිලධාරී කණ්ඩායම විසින් ආරම්භ කර ඇත.
විටින් විට පාලුකඩවල වැව්තෙරෙහි සහ රූස්ස වනපෙත අතරින් මතුව කලකට යළි අතුරුදහන් වන භාතියගේ මෙවර තත්ත්වය අවදානම් බව පශු වෛද්‍ය නිලධාරීහු පවසති.
දැනට භාතිය ඖෂධ මඟින් නිර්වින්දනය කොට ප්‍රතිජීවක ඖෂධ හා වෙනත් ඖෂධ මඟින් ප්‍රතිකාර ලබමින් සිටියි.
හස්ති රාජ පරපුර වෙනුවෙන් නිරතුරු හඬ අවධි කරවන අපි දැදුරු ඔය අසබඩ සද්දන්ත හස්ති රජු වූ භාතියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.


