නාඋල ඉන්දික අරුණ කුමාර

අවුරුද්දට මුල පුරද්දිම ලග්ගල ගැමි කෑම රැසක් නිවසේ දීම සකසා ගමු.
සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද යනු ලාංකේය ජන සමාජය තුළ පවත්නා උත්සව අතර සුවිශේෂි උත්සවයකි. වසර ගණනාවක් තිස්සේ චාරිත්‍රවාරිත්‍ර වලින් පිරි අපේ රටේ අළුත් අවුරුදු චාරිත්‍ර අතර ආහාර වලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.
පොදුවේ ගත් කල කැවුම් කොකිස් මෙන්ම කිරිබත් අවුරුදු කෑම මේසය තුළ දක්නට ලැබෙන කෑම අතර ප්‍රධාන තැනක් ගන්නා බැවි නොරහසකි.
එහෙත් වසර පන්දහකට වැඩි ඉතිහාසයක සිට පැවැත එන්නේ යැයි කියන මාතලේ දිස්‍ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජනයා තුළ ඇති ආහාර රටාවන් විශ්මය ජනකය.
ඊට හේතුව වී ඇත්තේ ලග්ගල ජන ජිවිතය සොභාදහම හා බැදුණු ආහාර රටාවකට අනුගත වී තිබීමය.
ලංකාවේ අනෙකුත් ප්‍රදේශ අතර පවත්නා විවිධ ආහාර රටාවන් අභිබවා යමින් දේශිය ආහාර සංස්කෘතියකට හිමිකම් කියන ලග්ගල ගැමියා අදටත් නිරෝගීව සිටිමේ රහස ආහාර රටාව බැවි ඔවුහු සනාථ කරති.
එබැවින් මෙවර සිංහල හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් ලග්ගල ගැමියාගේ ආහාර රටාවන් පිළිබදව මෙම ලිපියෙන් අවධානය යොමු කිරිම අපගේ අරමුණ වේ.
ඒ සදහා ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි දුෂ්කර ගම්මාන අතරින් කිවුලවාඩිය ගම්මානයට පසුගිය දා (26) අපි ගමන්කළෙමු.
මහනුවර – යාපනය ඒ නවය මාර්ගයේ නාඋල සිට ඇලහැර දෙසට කිලෝමීටර් විස්සක් පමණ ගියතැන මොරගහකන්ද ජලාශය පසුකර කිලෝමීටර් විස්සක් පමණ යළි ගමන්කර කළුගග ජලාශය ද පසුකර ගමන් කරද්දි හමුවන මාර්ගයේ දකුණට ගමන් කල විට කිවුලවාඩිය ගම්මානය හමුවෙයි.
ගම්මානයට පිවිසෙන නිවෙස් කිසිවක් නැති තුරුලතා වලින් ගහන අදුරු මාර්ගයේ කිලෝමිටර් 5- 6 පමණ ගියතැන පැරණි කිවුලවාඩිය ගම්මානය හමුවෙයි.
වන සතුන් ගහන මේ ප්‍රදේශය ආධුනිකයෙකුට බිය උපදවන නිහඩ මෙන්ම ගුප්ත බවින් පිරිගිය ගමන් මාර්ගයක් වන අතර ඉදහිට හෝ රැහැයි හඩ පමණක් ශ්‍රවනය වන, වන ලැහැබක් මැදින් ගමන් කළ යුතුය.
ඉනික්බිති නිවෙස්වලින් බැහැරව පවත්නා පැරණි හේන් යාය හමුවන්නේ කදු මුදුන් මැදින් යා යුතු අති දුෂ්කර ගමන් මගක් පසුකිරිමෙන් පසුවය. සරුවට වැඩි ඇති කුරක්කන් යායන් වල අස්වනු නෙලා අවසන ශේෂ වී ඇති එළබටු,තිබ්බොටු,අසමෝදගම්,කැකිරි මෙන්ම විවිධ පලාවර්ග තවමත් පැරණි හේන් වල දක්නට ලැබෙයි.
කුඩාවට සකසා ඇති පැල් රැසක් මේ කදු මුදුනට වන්නට තවමත් ඉතිරිව ඇත.
කිව්ලවාඩියේ කවියෙකු වන ආරියතිකල මහතාගේ ඇරයුමකට මේ ගමනට මා සමග එක්වුනේ ප්‍රවීන කිවියෙකු වන කලාභුෂණ සම්මාන ලාභි වයි.එම්.එස්. බණ්ඩාර මහතායි.
මේ හේන් යායේ අවසානයේ පිහිටි කුඩා පැලක කිවුලවාඩිය ගම්මානයේ ගොවි ගෙවිලියන් රැසක් අප එනතුරු බලා හුන්නෝය.
මෙතැන් සිට දිගහැරෙන්නේ කිවුලවාඩිය ගම්මානයේ සුන්දර ගැමි ජිවිතය අර්ථවත් කරනා ඔවුනගේ ආහාර වට්ටෝරු අතරින් අළුත් අවුරුද්ද වෙනුවෙන් රස කැවිලි වලට අමතරව සැකසෙන කෑම සැකසීම් පිළිබවදය.
01.මඩු පිට්ටු.

සෑදිමට අවශ්‍ය ද්‍රව්‍ය
මඩු පිටි ග්‍රෑම් 250 ක්.
අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ජලය.
සාදාගන්නා අකාරය පැහැදිලි කළේ කිවුලවාඩිය ගම්මානයේ ටී.ජි.ධනවති මහත්මියයි.
‘ අපි කැලේට ගිහින් මඩුගස්වලින් ගෙඩි කඩාගෙන ඇවිත් ඒවා කපලා මදය අරන් වේලනවා. පස්සේ තමයි වංගෙඩියේ කොටලා පිටි අරගන්නේ. මේ පිටි වතුර කලවම් කරලා පොල් සීනිත් එකතු කරලා පිට්ටු පදමට අනාගෙන වතුර දමපු මුට්ටියේ රෙදි කඩට දාලා තම්බ ගන්න ඕනේ. මේ මඩු පිටිවලින් තවත් කෑම ගොඩක් හදන්න පුලුවන් වැලිතලප,රොටි,තලප වගේ කෑමත් මඩු පිටිවලින් හදන්න පුලුවන්. අද කාලේ තියෙන බෝනොවන රෝග ගණනාවකට මේ මඩු පිටි ඉතාමත් ගුණදායකයි කියලත් කියන්න ඕනේ.‘
02.බඩඉරිගු බත්.

අවශ්‍ය ද්‍රව්‍ය
හොදින් පැසුනු වියළි බඩඉරිගු කරල් කිහිපයක්.
කව්පි ඇට ස්වල්පයක්.
හේන් මෑ ස්වල්පයක්.
ලුනු සහ පොල් ස්වල්පයක්.
කට්ට සම්බෝලයක්.
සාදාගන්නා ආකාරය.
කරලෙන් ඉවත් කරගත් බඩඉරිගු ඇට වංගෙඩියේ හොදින් කොටාගත යුතුය.
මේ කටයුත්ත සදහා දායකවුනේ කිව්ලවාඩියේ නාන්දා රාජපක්ෂ මහත්මියයි.
ඇයට අනුව බඩඉරිගු ඇටයේ උඩ පොත්ත ඉවත්වන තෙක් කොටාගන්නා ලද බඩඉරිගු පසුව කුල්ලෙන් පොලාගෙන ජලය එක්කරගෙන ලිප තැබිය යුතුය.
ඊටම ඉහතින් කී කවුපි,හේන් මෑ (හේනේ වැවෙන මෑකරල්) සහ ලුනු එක්කරනු ලැබේ.
හොදින් තැම්බුණු පසු බඩඉරිගු බත කෑම සදහා ලුනු හා මිරිස් එක්කර කට්ට සම්බෝලයක් ද භාවිත කරනු ලබයි.
03.සහන් ජාතක (ස්වයංජාත)සහල් කැඳ

අඩි හයක් හතක් පමණ උසකින් වැඩෙන මෙම සහන්ජාතතක ශාකය පැරණි ඉදල් ඉරිගු ශාකයට සමානය. වසර පුරා අවස්ථා ගණනාවක දි අස්වනු නෙලිය හැකි මෙම ශාකයේ ඇට සහල් වලට සමාන වන අතර ශාකය තුළින් යළි යළි රිකිලි හැදි කරල් බෝවීම හේතුවෙන් ‘සහන්ජාත ‘ නැතිනම් ස්ව්‍යාංජාත නම මේ ශාකයට ලැබි තිබේ. ලග්ගල හේන් වල බහුලව දක්නට ලැබෙන මෙම ශාකයේ බීජ වලින් විවිධ කෑම වර්ග සාදනු ලබයි.
ඒ.ජි.සුමිත්‍රා රාජපක්ෂ මහත්මියට අනුව මෙම සහල් ශාකයෙන් ඉවත්කර වංගෙඩියේ කොටා පසුව කුල්ලෙන් පොලා පිසිමට අවශ්‍ය වන පරිදි සකසා ගත යුතුය.
අවශ්‍ය ද්‍රව්‍ය
සහන්ජාතක සහල් ග්‍රෑම් 250 ක්.
පොල් කිරි ස්වල්පයක්.
සුදුළූණු ස්වල්පයක්.
ගම්මිරිස් හා ලුනු අවශ්‍ය පරිදි.
සාදාගන්නා ආකාරය.
සහල් වලට අවශ්‍ය ජලය එක්කර ලිපතබා ඉදුන පසු පොල් කිරි,සුදුළූණු,ගම්මිරිස් හා ලුනු අවශ පරිදි එක්කර ගත යුතුය.
සහල් වලින් සැකසිය හැකි සියළු කෑම වර්ග සහන්ජාතක සහල් වලින් ද සැකිසිය හැකි අතර ලග්ගල ගැමියා අතර ජනප්‍රිය කැවුම්,කිරිබත්,බත් වශයෙන් මෙම සහල් ආහාරයට එක්කර ගත හැකිය. මෙම කැදවල පවත්නා අධික තෙල් ගතිය සිරුරට අවශ්‍ය ස්වභාවික තෙල් ලබාගැනීමට පහසුවන ආහාරයක් බැවි ලග්ගල ගැමියාගේ විශ්වාසයකි.
04.කුරක්කන් රොටී

ඒ.ජි.සුමිත්‍රා රාජපක්ෂ මහත්මියට අනුව මේ අපුරු කුරක්කන් රොටි විශේෂය පළමුවරට මාධ්‍යයකින් හෙලිවන විශේෂ රොටියක් බැවි පළමුව සදහන් කළ යුතුය. ඊට හේතුව ඉතා කෙටි කාලයකින් කබලක හැදෙන මේ කුරක්කන් රොටි විශේෂය පපඩම් සේ පිම්බි සැකසෙක කුරක්කන් රොටි විශේෂයකි.
ලග්ගලට ආවේනික කුරක්නක් රොටි හා කුරක්කන් ආශ්‍රිත කෑම රැසක් පවතින අතර මේ රොටි විශේෂය සෑම ගෘහණියකටම පහසුවෙන් තම නිවෙස් වල සකසාගත හැකි හෙයින් ඉතා පෝෂ්‍යදායි මේ කුරක්න් රොටි විශේෂය අපි ඔබවෙත තිළිණ කරමු.
අවශ්‍ය ද්‍රව්‍ය
පිටිකරගත් කුරක්කන් පිටි ග්‍රෑම් 250 ක් පමණ
ලුනු ස්වල්පයක් සහ අවශ්‍ය ප්‍රමාණයට ජලය
සාදාගන්නා ආකාරය
නොඇලෙන සේ අවශ්‍ය ප්‍රමාණයට ජලය සහ ලුනු දමා කුරක්කන් පිටි හොදින් අනාගත යුතුය.
කුඩා වට්ටියකට රෙදි කැබැැල්ලක් ගෙන එලා එහි නොඇලෙන පදමට අනාගත් කුරක්කන් පිටි වලින් රොටිය වැඩිය යුතුය.
ඉතාමත් සෙමෙන් මෙන්ම ක්‍රමාණුකූලව සිදුකරන මෙම රොටි වැඩිම ඉතා සංයමයෙන් සිදුකරන කටයුත්තකි.
ගිණි දැල්වෙන ලිපමත ගැබුරු කබලක් තබා රත්වු පසු වැඩු කුරක්කන් රොටිය එයට දමා ගුළිකරගත් කුරක්කන් පිටි වලින්ම එම රොටිය එසවීම සිදුකර අනෙක් පැත්ත හැරවීම ලග්ගල ගැමි ලියන් සිදුකරන්නේ අපූරු අන්දමටය.
පසුව දෙපැත්ත පිච්චුන රොටිය යළි කබල මත තැබීමෙන් පසුව සුළු වේලාවකින් බැලුමක් ආකාරයෙන් පිබිබි එන අතර ඉතා සියුම් මෙන්ම රසයෙන් අනූන මෙම රොටි විශේෂය ලග්ගල ගැමියා අතර ජනප්‍රිය මෙන්ම ඉතා පෝෂදායි ආහාරයකි.
කුරක්කන් රොටි ආහාරය සදහා හේනෙන් ලබාගන්නා විවිධ ඇට වර්ග යොදා සකසා ගන්නා ‘ආනම‘ නමින් හැදින්වෙන විශේෂ හොද්දක් සැකසිම සිදුවන අතර නැතිනම් ලුනුමිරිස් හෝ සම්බෝල ද රොටි ආහාර සදහා එක්කරගනු ලබයි. අද දින රොටි ආහාරය සදහා මිරිස්,තක්කාලි ඇතුළු ළූණු ඇතුළත් සම්බෝලක් ගැමි ලියන් අතින් සැකසිනි.
05. කී රොටී

අවශ්‍ය ද්‍රව්‍ය
කැකුළු සහල් පිටි ග්‍රෑම් 250 ක් පමණ.
ලුනු සහ අවශ්‍ය ප්‍රමාණයට ජලය
සාදාගන්නා ආකාරය
හොදින් පෙගුණු කැකුලු සහල් වංගෙඩියේ කොටා පිටිකර ගතයුතුය.
ඊට අවශ්‍ය පරිදි ලුනු එක්කර ජලය දමා දියාරු මට්ටමට එනතුරු හොදින් අනාගත යුතුය. ලග්ගල කී රොටි යනු තම මුල් අස්වැන්නේ අග්‍ර කොටස ගෙන දෙවියන් උදෙසා පුදනු ලබන ‘ අඩුක්කු ‘ පූජාව සදහා ගන්නා ප්‍රධාන ආහාරයකි.
මෙහි විශේෂත්වය වන්නේ අඩුක්කු පිදිම සදහා මුලික වන බණ්ඩාර දෙවියන් හෙවත් රාවනා දෙවියන් උදෙසා තබන පුජාවක් හේතුවෙන් මෙය පිරිමින් විසින් පමණක් සකසන ආහාරයක් වීමය.
කී රොටි සෑදීම සදහා වෙනම කබලක් ඇති අතර එය කී රොටි සදහාම වෙන්වු මැටියෙන් සැකසු භාජනයකි.
විශ්‍රාමික විදුහල්පති වරයෙකු වන ගාමිනි රූපසිංහ මහතාට අනුව කී රොටි නැතිනම් කිරි රොටි අඩුක්කු පිදිම සදහා යොදාගන්නේ හේනේ ගොඩවී අස්වැන්නේ මුල් කොටසය.
කී රොටි පදමට සැකසු සහල් පිටි මිශ්‍රනය කී රොටි කබලට දමා මද ගින්නේ පිසගනු ලබන මෙම රොටි විශේෂය කබලේ මැද ඇති කොටසට දමා මූඩියකින් වසනු ලබයි.
වසන ලද මූඩිය වටේට ජලය තුන්වතාවක් එක්කරන අතර එය වැසු කී රොටිය හොද තැම්බීමකට ලක්කරයි.
පසුව යහන් මත තැන්පත් වන කී රොටි දෙවියන්ට පුදා පසුව පිරිස් විසින් ආහාරයට ගනු ලබයි.
මෙම කී රොටි ආහාරයට ගැනීම සදහා සැකසෙන ‘කිරි පැණි හොද්ද ‘නමින් සැකසෙන තවත් අතුරු කෑමකි.

අවශ්‍ය ද්‍රව්‍ය.
අවශ්‍ය පමණට පොල් කිරි.
සීනි,සුදුළූණු,ගමිමිරිස් හා අවශ්‍ය ප්‍රමාණයට ලුනු.
සාදාගන්නා අකාරය.
පොල් කිරි මිරිකා එයට සිනි,සුදුළූණු,ගම්මිරිස් හා ලුනු එක්කර ලිප තබා හොඳින් කකාරා මෙම කිරිපැණි හොද්ද සකසා ගත යුතුය.
අවසානයේ කලින් සකනා ගත් කී රොටි කැලි වලට කඩා කිරි පැණි හොද්දට දමා ආහාරයට ගැනීම සිදුකරනු ලබයි.
නිරෝගිමත් පරපුරක් රටට දායාද කිරිම සදහා මේ සිංහල අළුත් අවුරුද්දේ ලග්ගල ගැමියාගේ සරල ආහාර රටාව ඔබට අළුත් අත්දෑකිමක් එක්කරණු නියතය.
මහ වන මැද සරළ ගැමි ජිවිතයට හුරුවු ලග්ගල ගැමියා තුළින් විද්‍යාමාන වන ආහාර සංස්කෘතිය මතු පරපුරට දායාද කිරිම වෙනුවෙන් මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා ලග්ගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරි නන්දන වීරසිංහ,කිවුලවාඩිය ග්‍රාම නිලධාරිණී කෞෂල්‍යා නවරත්න මෙනවිය,නාරංගමුව ග්‍රාමනිලධාරිණි අනූෂා ප්‍රියදර්ශණි මහත්මිය ඇතුළු පිරිසටත් ,වැඩසටහන සම්බන්ධීකරණයෙන් දායක වු ලග්ගල – කිවුලවාඩිය ගම්මානයේ සියළු ගොවි ගෙවිලියන්ටත්, කවියෙකු වන කිවුලවාඩියේ ආරියතිකල මහතාට සහ වැඩසටහන සම්බන්ධිකරණය කළ කලාභූෂණ සම්මානලාභි ප්‍රවිණ කිවිවර වයි.එම්.එස්.බණ්ඩාර මහතාට ද අපගේ විශේෂ ස්තුතිය හිමිවේ.
01 මඩු පිට්ටු සැකසීම
02 බඩඉරිගු බත්
03 සහන්ජාත සහල් කැද
04 කිරිපැණි හොද්ද
05 කී රොටි.
06 කුරක්කන් රොටී( පපඩම් සේ පිම්බෙන)
අදාල කෑම වර්ග වලට අදාල නම් වලින් හා ඒ සදහා විස්තර කල පිරිස් වල නම් වලින් ඡායාරූප හදුන්වා ඇත.




