බොහෝ ප්‍රදේශ වලට වැසි

චම්පිකා මුතුකුඩ

බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව  බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක

 

.බස්නාහිර පළාතේත් ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකිය.

 මධ්‍යම සබරගමු සහ ඌව පළාත් වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *