බොරු කියන්නේ නෑ කියල රජය කියන එක තමයි ලොකුම බොරුව- මුජිබුර් රහ්මාන් (සජබ)

 

මොහොමඩ් ආසික්

 ආණ්ඩුව බොරු කියන්නේ නෑ කියල ආණ්ඩුව කියන එක තමයි ලොකුම බොරුව යැයි  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ( සජබ) මුජුබුර් රහ්මාන්  මහතා කීය.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අකුරණ නගරයේදී පැවැති රැස්වීමකදී අදහස් දක්වමින් රහ්මාන් මහතා එසේ කීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ   මුජිබුර් රහ්මාන් මහතා මෙසේද කීය.

“….ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක තිබුණට ජනාධිපති තුමා මේ මැතිවරණය ගැන කලබල වෙලා තියෙනවා.ඒ නිසා තමයි ජනාධිපතිතුමා රට වටේ යන්නේ මාලිමාවට ඡන්දය දෙන්න කියලා. ඒ යන ගමන් පොඩි තගරියකුත් දානවා ඒක තමයි අපිට ඡන්දය දුන්නේ නැත්නම් සල්ලි  දෙන්නේ නෑ කියන එක . ඒක කියල  ඒකට විරෝධය ආවහම ජනාධිපති තුමා කියනවා නෑ මම එහෙම කිව්වේ නෑ කියලා.මාලිමාවේ ඉන්න අයගේ සටන් පාඨය  තමයි අපි එහෙම කිව්වේ නෑ කියන එක. පරණ වීඩියෝ ටික අරන් බැලුවොත් පේනවා. එහෙම කියල තියෙනවා.දැන් මැතිවරණය  ආවහම කියනව අපි එහෙම කිව්වේ නෑ කියලා.ජනාධිපති තුමා දවස් කිහිපයකට කලින් කිව්වා සල්ලි දෙන්නේ නෑ කියලා.   එහෙම  කියලා ඒ වැඩේ පත්තු වුනහම ඒකට විරෝධය එල්ල වුනහම ජනාධිපතිතුමා කියනවා මම එහෙම කිව්වේ නෑ  කියලා.

ඊළඟට කියනවා අපි බොරු කියන්නේ නෑ  කියල ඒක තමයි ලොකුම බොරුව. බොරු කියන්නේ නෑ කියන එක තමයි ලොකුම බොරුව. මේ ආණ්ඩුව කියපු තරම් කිව්වේ බොරු .කියපු එක ඇත්තක් කියන්නකෝ. එක ඇත්තක් කිව්වේ නෑ. ඔක්කොම බොරු තමයි කිව්වෙ. කියල ඉවර වෙලා කියනවා අපි බොරු කිව්වේ නෑ කියලා ඒකත් බොරුවක් .

ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් පසුගිය මැතිවරණවල තිබුණ ජනප්‍රියතාවය අද අඩු වෙලා තියෙනවා.ඒක අපට හොඳට  පේනවා.

ආණ්ඩුව මේ වන විට අර්බුද ගණනාවකට  ලක් වෙලා තියෙනවා. එකක් තමයි මේ රට ඉස්සරහට යන්නේ නෑ මේ රට හිර වෙලා තියෙනවා.දේශිය ආයෝජකයෝ සල්ලි දාන්නෙත් නෑ පිටරට ආයෝජකයෝ එන්නෙත් නෑ.දැන් රට එක තැන පල් වෙනවා.

 ශ්‍රී  දළඳා වහන්සේ වන්දනා කරන්න විශාල බැතිමතුන් ප්‍රමාණයක් මහනුවරට ඇවිල්ල ඉන්නවා.ඒ වැඩේ භාර ගත්තේ කවුද ජනාධිපති තුමා. මහනුවර මහ නගර සභාව තියෙනවා.ඒ අවට ප්‍රාදේශිය සභාවල් තියෙනවා.ඒ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් ටික සැලසුවාද? දවස් කීපයකට නුවර එන බැතිමතුන්ට අවශ්‍ය යටිතල පහසුකම්  ටික ජනාධිපතිතුමා මැදිහත් වෙලත්  ලබාදෙන්න බැරි වුණානේ. මේක කරන්න ඕන නගර සභාව නමුත් ජනාධිපතිතුමා ඉන්න “ඒ’ ටීම් එක වුන ජනාධිපතිතුමාටම නගර සභාව පාලනය කර ගන්න බැරි වෙච්ච එකේ ‘සී’ ටීම් එකක් දාල නගර සභා පාලනය කරන්න පුළුවන්ද?  දවස් කීපයකට එන බැතිමතුන්ට අවශ්‍ය යටිතල පහසුකම්  සලසා දෙන්න බැරිනම් අවුරුදු හතරක් කොහොමද මේ ගොල්ල ප්‍රාදේශිය සභා නගර සභා කරන්නේ. දවස් හතරකට පහකට අවශ්‍ය පහසුකම් ටික දෙන්න බැරි අය තමයි ඇවිත් කියන්නේ අපට අවුරුදු හතරක් බලය දෙන්න කියලා.දුන්නොත් කොහොම හිටීද?  යැයිද ඒ මහතා මෙහිදී  ප්‍රශ්න කළේය.

සමගි ජන බලවේගයේ හාරිස්පත්තුව ආසන සංවිධායක  හිටපු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා මෙම රැස්වීම සංවිධායක කර තිබිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *