වැලිගම තරංග ගුණරත්න

බෙන්තොට වෙරළ තීරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතාරක්ෂක ස්ථාන දෙකක් පිහිටුවීමට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගනි.
බෙන්තොට වෙරළ තීරයේ පහස විඳීමට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සදහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව (SLCG) මගින් ජීවිතාරක්ෂක ස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.
මෙ සදහා සංචාරක අමාත්‍යාංශය විසින් අරමුදල් සපයනු ලබන අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සම්බන්ධීකරණ කටයුතු සිදු කර යි.
මෙම අංගසම්පූර්ණ ජීවිතාරක්ෂක ස්ථාන දෙක ස්ථාපිත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා පිහිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ජීවිතාරක්ෂක ස්ථාන සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇති අතර එමගින් දිවයින වටා වෙරළ තීරය භාවිත කරන්නන්ගේ ආරක්ෂාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
උපාය මාර්ගිකව පිහිටා ඇති මෙම ස්ථාන මගින් හදිසි අවස්ථාවන්ට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සහතික කරනු ඇති අතර එමගින් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයන් පරිහරණය කරන දේශීය විදේශීය සංචාරකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙනු ඇත. විශේෂයෙන්
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2009 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයන් 2403 ක ජීවිත බේරා ගැනීමට සමත්ව තිබේ. ඒ අතර දේශීය 1306 ක් සහ විදේශීය 1097ක් බව සඳහන් වේ.
බෙන්තොට වෙරළ තීරයේ නව ජීවිතාරක්ෂක ස්ථාන දෙක ස්ථාපිත කිරීම වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ මහතා සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංචාරක හා සැලසුම් අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් ජයසූරිය මහතා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ NH බෙන්තොට, බෙන්තොට තාල සහ හෝටෙල් සිනමන් බෙන්තොට ඇතුළු ප්‍රදේශයේ හෝටල්වල සාමාන්‍යාධිකාරීවරුන් සහ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.



