(වැලිගම තරංග)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මාතර බ්‍රවුන්ස් හිල්ස් ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් පවතින නඩුව අද (23 ) දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවන ලදී.
මෙම නඩු කටයුතු සදහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය පෙනී සිටි සිටියාය.ඇය විසින් අධිකරණය හමුවේ කරුණු ගෙනහැර දැක්වූයේ සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තා සහ අනිකුත් කරුණු සැලකූවිට ඒවා අතර තිබෙන පරස්පරතා ඇති බවය.එම වෛද්‍ය වාර්තා පිළිගත නොහැකි බැවින් සැකකාර හිටපු අමාත්‍යවරයාට එරෙහිව වරෙන්තු නියෝගයක් ලබා දෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නිතිඥ අනිල් ද සිල්වා මහතා ප්‍රමුඛ නීතිඥවරුන් මණ්ඩලයක් පෙනී සිටියහ.
“…මෙම නඩුව 2016 වර්ෂයේ සිට මේ දක්වා පවතින නඩුවක් එම නඩුව මේ වන විට විවෘත අධිකරණයේ අවස්ථා විසි එකකදී පමණ (21 ) කැඳවා තිබෙනවා එම සෑම අවස්ථාවකම සැකකරු අධිකරණය පෙනීී සිටියා. නමුත් සැකකරු අද දින අධිකරණය හමුවේ පෙනි නොසිටියේ රෝගී තත්ත්වයක් නිසාවෙනි. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ගරු අධිකරණයට ඉදිරිපත් කර සිටිනවා…” ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අධිකරණය අමතමින් කියා සිටියේය.
සැකකරු වෙනුවෙන් වරෙන්තු නිකුත් කිරීමට තරම් හේතුවක් නොමැති බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.
“…මෙම නඩුව 2016 වර්ෂයේ සිට පවතිනවා එහිදී නඩුව කැඳවන සෑම අවස්ථාවකදීම සැකකරු අධිකරණය හමුවේ පෙනී සිට ඇත. මෙම අවස්ථාවේදී පෙනී නොසිටීම සම්බන්ධයෙන් කරුණු දක්වා සිටින බැවින් වරෙන්තුවක් නිකුත් කිරීමට අවශ්‍ය නොවේ යන්න ගරු අධිකරණයේ අදහස බව ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ප්‍රකාශ කළේය
නැවත මෙම නඩුව නොවැම්බර් 21 කැඳවීමට නියමිතය.
අද දිනයේ අධිකරණ භුමියට හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ හා හිටපු මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක යන මහත්වරු පැමිණ සිටියහ..
