බැකෝ පතලෙන් මතුවු පැරණි තට්ටු පතල කම්කරු ජීවිත දෙකක් බිලි ගනී.                                            

 

 

අජිත්ලාල් ශාන්තඋදය

බැකෝ යන්ත්‍රයකින් පතලක් කපද්දී පැරණි තට්ටු පතලක් මතුවී එම තට්ටු පතලට වැටුණු කම්කරුවන් දෙදෙනෙක් අද දහවල් ජීවිතක්ෂයට පත්වු බව ඇලපාත පොලීසිය පැවසුවේය.

අනතුර සිදුව ඇත්තේ රත්නපුර දම්බුලුවන වතුරාව නැමැති ඉඩමේ කපන බැකෝ පතලකය.

ජිවිතක්ෂයට පත්ව ඇත්තේ දම්බුලුවන බඩාමුව ලිපිනයේ පදිංචිව සිටි දිමියාව මුදියන්සෙලාගේ ලක්ෂමන් ප්‍රසාන්ත රණවීර (42) සහ දම්බුලුවන, දම්බුලුවනගම ලිපිනයයේ. පදිංචි දම්බුලුවන අතුකෝරලගේ සොමිසාර අතුකෝරල (37) යන දෙදෙනාය.

අනතුර සිදුව ඇත්තේ අද (03දා) දහවල් 11.30ට පමණය. බැකෝ යන්ත්‍රයෙන් පතල කපද්දී පැරණි තට්ටු පතලක් මතුවී තිබේ. එයට මියගිය කම්කරුවන් දෙදෙනාගෙන් කෙනෙක් වැටී ඇත. ඔහු බේරාගන්න අනෙක් කම්කරුවා උත්සාහ කරද්දි ඔහුත් පැරණි තට්ටු පතලට වැටී ඇත. ඉන්පසු බැකෝ පතලේ ඉවුරක් ද ඔවුන් දෙදෙනා වැටුණු පැරණි තට්ටු පතලට වැටී කම්කරුවන් දෙනො ඊට යටවී තිබේ. තට්ටු පතලෙන් විෂ වායුවක් නිකුත් වී කම්කරුවන් දෙදෙනා පැරණි තට්ටු පතලට වැටෙන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

කම්කරුවන් දෙදෙනා ගොඩට ගන්නා විටත් මියගොස් සිටි බව ඇලපාත පොලිසිය පැවසුවේය. මෙම බැකෝ පතල බලපත්‍ර සහිත එකක් බව ද පොලිසිය සදහන් කළේය. අංක 108/2, දම්බුලුවන ලිපිනයේ පදිංචි කෝනාර මුදියන්සේලාගේ අසේල කෝනාර යන අයට එහි බලපත්‍රය නිකුත්කර තිබු බව ද පොලිසිය පැවසුවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *