බාලදක්ෂ සාමාජික පදක්කම් ලබති.

අජිත්ලාල් ශාන්තඋදය

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 168වන ඡන්ම දිනය නිමිත්තෙන් ශ්‍රීලංකා බාලදක්ෂ සංගමය සමරු වැඩසටහන් රැසක් දිපව්‍යාප්තව 22 දින පවත්වනු ලබයි.

බාලදක්ෂ ව්‍යාපාරය පාසල් දරුවන් අතර විෂය සමගාමී වැඩසටහනක් ලෙස අධ්‍යාපන දෙපාර්තමේන්තුවද අනුමත කර තිබේ. කුරුව්ට ජාතික පාසලේ කනිෂ්ඨ බාලදක්ෂයින් සදහා සාමාජික පදක්කම් පැළදවීම එම විද්‍යාල භූමියේදී 21 දින සිදුවිය.

බාලක සහ බාලිකා බාලදක්ෂයින් විසිපස් දෙනෙක් මෙදින ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට එක්විය. විදුහල්පති වයි.ජී. දැරණියගල මහතාගේ උපදෙස් මත විද්‍යාලයේ බාලදක්ෂ ආචාර්ය සහය දිසා කොමසාරිස් වසන්තා හේමකුමාරි මහත්මියගේ සංවිධානත්වයෙන් මෙය සිදුවිය.

රත්නපුර දිසා බාලදක්ෂ කොමසාරිස් මෙරිල් දිසානායක, රත්නපුර දිස්ත්‍රික්කයේ මුලස්ථාන සම්බන්ධිකාරක, හිටපු දිසා කොමසාරිස් එම්.ඒ. මහානාම යන මහත්වරු ඇතුලු බාලදක්ෂ ව්‍යාපාරයේ දිස්ත්‍රික් නායකයින් රැසක් ඇතුලු ආරාධිතයින් කිහිප දෙනෙක් ද එක්ව සිටියහ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *