ත්රිකුණාමලය, මංගලනාත් ලියනාරච්චි
ත්රිකුණාමලය,මූතුර් පච්චනූර් ප්ර අද සවස සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් 33 කු තුවාල ලබා ඇති බව මූතුර් පොලිසිය පවසයි.
මිනුවන්ගොඩ සිට සේරුවිල දක්වා වන්දනා ගමනක පැමිණි පිරිසක් රැගත් බස් රථයක් ලොරි රථයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සම්බන්ධයෙන් මූතුර් පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි. තුවාල ලැබූවන් මූතුර් මූලික රෝහලට ඇතුළත් කරඇත.





